
( සමන් පාලිත නානායක්කාර )
මහියංගණය විස්ස කණුව සිට රෝහණ හන්දියට යන අතුරු මාර්ගයේ පිහිටි පාලමක් අද (02) අලුයම සම්පූර්ණයෙන් කැඩී ගොස් ඇතැයි මහියංගණය ප්‍රාදේශීය ලේකම් සංජය වීරසිංහ මහතා පැවසීය.
වර්ෂාව අධික වීම හා මහියංගන දම්බරාව ඔයේ ජල මට්ටම ඉහළ යාම නිසා පාලම සම්පූර්ණයෙන් කඩා වැටී ඇති බව ද ඒ මහතා පැවසීය.
මේ අතර මහියංගන රොටලවෙල ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවී තිබෙන බවත් පොලිසිය වාරිමාර්ග අංශ මහවැලි අධිකාරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා එක්ව ආරක්ෂිත පියවර ගෙන ඇති බවද මහියංගන ප්‍රාදේශීය ලේකම් සංජය වීරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාල මට්ටම ඉහලගියාම වර්ෂාව වැඩි උනාම පාලම කඩා වැටෙනවද
කොයි කාලේ කීයක් වියදම් කරලා හදපු එකක්ද කියලා හොයලා බලන්න.