



(ඩික්සන් වසන්ත)
එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘ මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ 136 වන ජන්ම දින සැමරුම් උත්සවය කොල්ලුපිටිය ශ්‍රී ධර්මකීර්ත්‍යාරාම විහාරස්ථානයේ දී (පොල්වත්ත පන්සල) අද (20) උදෑසන පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ මුලිකත්වයෙන් මෙම උත්සවය පැවති අතර විහාරස්ථානයේ පිහිටි ඩී.එස්. සේනානායක පිළිරුවට රුවන් විජයවර්ධන මහතා විසින් මල්දමක් පළදවා උපහාර දක්වන ලදී.
මෙම අවස්ථාවේ ආගමික වතාවත් විහාරාධිපති බණ්ඩාරවෙල විමලධර්ම හිමියන් ඇතුළු මහා සංඝරත්නය විසින් පවත්වන ලදහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහාමාන්‍ය ඩී.එස්. සේනානායක ජාතියේ පියාගේ නාමයෙන් පක්ෂය රැකගන්න සමගි ජනබලවේගය සමග එකතු වෙන්න... නැවතත් ඩී.එස්. යුගයකට රට හරවන්න.. ජයවේවා.
මෙවැනි වැදගත්, ගුණවත් මිනිසුන් බිහිවෙන්නේ කලාතුරකින්.. ඔබතුමා මේ විශ්වයේ කොතැනක හරි සිටිනවා නම් මගේ මවුබිමෙහි මිනිසුන්, සතුන් සහ පරාක්‍රම සමුද්‍රය වැනි ජලාශයන් ආරක්ෂා කරන්න.
මෙතුමා නිර්මාණය කළ පක්ෂය විනාශ කළාට රනිල්, සජිත් ඇතුළු අය වගකියන්න ඕනේ...
සුද්දට රට තිබුනානම් හොඳයි, නිදහසක් ගන්න ගිහින් කුරුවල් වෙලා තියෙන්නේ.