(ආරියරත්න රණබාහු)
පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් පසු බොදු බල සේනා සංවිධානය විසිරුවා හරින බව එහි ප්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
රාජගිරියේදී අද(19) පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ එසේ කීහ.
එහිදී අදහස් දැක්වූ ඥානසාර හිමියෝ මෙසේද පැවසූහ.
‘සුළු ජාතික ඡන්දවලින් හැර අපේ රටේ ආණ්ඩුවක් පිහිටුවන්න බැහැ කියා මිත්‍යා මතයක් තිබුණා. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සමඟ එය මිත්‍යාවක් බවට පත්වුණා. දැන් හොඳ නායකත්වයත් තියෙනවා. මහමැතිවරණයෙන් පසු හොඳ ඇමැති මණ්ඩලයක් සමඟ හොඳ ගමනක් යන්න පුළුවන්. රට ගෙනියන්න හොඳ නායකත්වයක් තියෙනවා. ඒ නිසා අපේ සංවිධානය මීට පස්සේ අවශ්‍ය වෙන්නේ නැහැ කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මහ මැතිවරණයෙන් පසු සංවිධානය විසුරුවා හරිනවා‘ යැයිද සඳහන් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් පිරිස් එතුමාගේ ඇමරිකානු පුරවැසි බාවය අපහාසයට ලක් කලත් ඔහුට එය ලැබුනේ ඔහුගේ හැකියාව නිසා. විශේෂයෙන් එවැනි රටක ජීවත් වූ අයකුට රටක් පිළිවෙලට වැඩ කරවීම පිළිබඳව හොඳ අත්දැකීමක් ගන්න පුළුවන්. අපේ නිලධාරීන් නිතර රට ගියත් නොකරන්නේ ඔය ටිකයි.
විසුරුවන්න එපා අපේ හාමුදුරුවනේ.......
මෙවැනි සංවිධානයක් රටට අවශ්‍යයි. ඔබවහන්සේගේ ක්‍රියාකාරිත්වය අපට ඉදිරියටත් ඕනෑ.
දේශපාලනය නැතුව බෞද්ධාගම හරි තැනට ගෙන්න. ධර්මපාල චින්තනය අනුව ඔබ වහන්සේගේ නායකත්වය ලබාදෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි !
ස්වාමීන්වහන්සේ අර උසාවියකදී කාන්තාවකට තර්ජනය කරපු පළහිලව්ව එහෙම කොහොමද ?
ඔබ වහන්සේ ජාතියට කළ මෙහෙවර අති විශිෂ්ඨයි.
සිංහල බෞද්ධ ලේබලය තියනකන් මේ රට “ වල පල්ලෙට යන රටක්”
ඔය සංවිධානෙ ගෝඨාභය විසින් හදපු එකක්නේ . දැන් එයා බලයට ආවට පස්සෙ කොහොමත් දැන් වැඩක් නෑ. විසිරුවන්නෙ ඒකනේ. තව්හිද් ජමාද් එකත් හින්දු සේනා එකත් විසිරුවයි දැන්. ඒ විතරක් නොවෙයි සිංහලේ, මහසෝන් බලකාය, සිහල රාවය වගේ ඒවත් දැන් විසිරුවා හරියි.
අයේ රාජපක්ෂලාට බලය ඕන කාලෙට ඕන වෙනවා ජාතිවාද පතුරුවන්න. 10% ක් පමණක් තේරුම් ගන්න කටුක සත්‍ය.
බළලා මල්ලෙන් එළියට පනී. මේක කාගේ උවමනාවට බිහිවුන සංවිධානයක්ද යන්න පැහැදිලියි නේද ?
මෙම සංවිධානය බිහිකිරීමේ පරමාර්ථය ඉෂ්ට වුනානේ. දැන් තව තියන් ඉඳලා මොකටද ?
බොස් කතා කරලා කිව්වද මහා මැතිවරණයෙන් පස්සේ ඕනේ වෙන්නේ නැහැ කියලා ?
හාමුදුරුවෝ තමයි මුස්ලිම් අන්තවාදය ගැන හෙළි කළේ. බොදුබල සේනාව තමයි ඒ දේ කළේ.
ලැජ්ජයි කියන්න. ඒත් අපේ සමහර සිංහලයෝ මාර කුහකයි.
කොහොමත් ඔබතුමාලා දැන් රාජපක්ෂලාට වවුල් හප.....
ඉදිරියේදීත් තව යහපාලනයක් ඇති නොවෙන්න වග බලාගන්න හාමුදුරුවනේ.
එහෙමයි හාමුදුරුවනේ, අපි දන්නවා ඔබ වහන්සේ බිහි කළේ කවුද කියලා. මේ රට ගිලගෙන ඉන්න අය ආගම විනාශ කළා.
මම නම් කියන්නේ බොදු බල සේනාව තව දුරටත් රටට අවශ්‍යයයි. යම් මතයක් ජයග්‍රහණය කිරීම සහ එම මතයේම හිදිමින් කටයුතු කිරිමයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඕනෑම නායකයෙක් රට බාරගත්ත මුල් අවදිය බැලුවොත් ඉතාම ප්‍රතිපත්ති ගරුකව සහ ප්‍රගතිශිලිව වැඩ කරනවා. නමුත් පහුවෙනකොට වටේ ඉන්න මිනිස්සුන්ගේ බලපෑම සහ වෙනත් කරුණු නිසා පීල්ලෙන් පනිනවා. එහෙම තැනකදී විවේචනය අවශ්‍ය වෙනවා.
මේක පටන් ගත්ත අරමුණට මොකද උනේ ?
හාමුදුරුවනේ ඔය පිරිස එකතුවෙලා ගම නියම් ගම් දියුණු කිරීමට වැඩ සටහනක් පටන් ගන්න. අපරාදේ තරුණ ශ්‍රමය අපතේ යනවා. තරුණ සංඝයා වහන්සේලාගේ ශ්‍රමය අපතේ යනවා. ඔබ වහන්සේට මෙය කරන්න පුළුවන්.
හාමුදුරුවෝ එදා ඔය කතාව කිව්වේ නැහැ නේද?