(විමුක්ති එස් රුද්‍රිගු)
තම සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම හේතුවෙන් ඇති වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ තමා මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් නොවන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (26) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
කෙදිනක හෝ තමා තනතුරෙන් ඉවත් වන්නේ තනතුරෙන් රටට ඉටුවිය යුතු දේ ඉටු කිරීමට නොහැකි වුවහොත් පමණක් බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එහිදී පැවැසුවේය.මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම හා නැවත සලකා බැලීම හේතුවෙන් තමන් කිසිම විටක රැකියාවෙන් ඉවත් නොවන බව ආචාර්ය විරසිංහ මහතා ප්‍රකාශ කළේය.
ආයතනයේ ප්‍රධානියා ලෙස සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් වගකීමක් තමන්ට තිබෙන බවත් එය ඉවත් වීමට හේතුවක් ලෙස තමන් නොදකින බවත් මහ බැංකු අධිපතිවරයා එහිදී පැවැසුවේය.
පරටේ නිතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම තුළින් බැංකු ණය දීම තවදුරටත් අදිමදි කරනු ඇතැයි මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.බැංකුව ණය ලබා දෙන්නේ තැන්පත්කරුවන්ගේ මුදල් වලින් බැවින් එය අය කරගැනීමේදී බාධාවක් තිබේ නම් කුඩා සහ මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ණය දීමේදී බැංකු මීට වඩා පරිස්සම් වනු ඇතැයි මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.
එහිදී පරටේ නිතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම සුළු හා මධ්‍ය පරිමාණ පහසුවක් නොව අපහසුවක් වනු ඇතැයි ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
විශාල වශයෙන් පවතින පොලී අනුපාතික අඩු කිරීම සඳහා 2023 අගෝස්තු මස ගනු ලැබූ නියාමන ක්‍රියාමාර්ගය අහෝසි කිරීමට පියවර ගන්නා බවත් ඉන් කිය වෙන්නේ නියාමන ක්‍රියාමාර්ගය හරහා අඩු වූ ප්‍රමාණයට වඩා තවදුරටත් අඩුවීමේ අවශ්‍යතාවය බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජානක එදිරිසිංහ මහතා පැවැසුවේය.
2023 ජනවාරි මාසයේදී නිත්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා වාණිජ බැංකුවලට පැනවූ සීමාව ලබන පළමු වැනිදා සිට ඉවත් කිරීමට පියවර ගන්නා බව එදිරිසිංහ මහතා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිස්ට නන්දලා හැකිතාක් මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට පුළුවන් තරම් ණයට දෙන්න... බැංකුවේ සල්ලි ඊට පස්සේ බොල් ණයට කපා හරින්න... ඒකයි අපි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ...!
ඔය වගේ සුයිප් එකක් වෙන කොහෙන් ඇදෙන්නද?
ඔහු IMF රැකියාව කරන්නේ ශ්‍රී ලංකාවට නොවේ. ඔහු ඉල්ලා අස්වන්නේ නැහැ ඕස්ට්‍රේලියාවට පැනලා ශ්‍රී ලාංකීය ජනතාව සියල්ල ලිහිල් කරනවා. සහ ඔහු දන්නේ SDFR සහ SLFR අඩු කිරීම පමණි
රටේ අවම වැටුප 40% කින් ඉහල නංවා ඇති .මෙම අවම වැටුප ටැක්ස් වෙන්නෙත් නැත .එතකොට මහ බැංකුවේ අයත් දීපු වැඩි වීම ටැක්ස් කැපුනට පස්සේ මේ 40% ටත් වඩා අඩුයි නේද
බැංකු වැටුප් වැඩිකර ගැනීම වෙනම කථාවක්. එහෙත් ඔබේ ආර්ථික විද්‍යා බැංකු පරිපාලනය පිළිබඳව ඇති දැනුම රටට විශාල ලෙස වටිනවා. එමනිසා මේ රට දාලා යන්න එපා කියලා ඉල්ලා සිටිනවා.
අවුරුදු හතළිහක් විතරක් මහ බැංකුයි ඉහළ පුටුවල වැඩ කරලා රටත් බංකොලොත් කරලා පැන්ෂන් ගියාට පස්සේත්, දාලා යන්න අදහසක් නෑ. කවුද මැණික් ඉල්ලමක් වගේ තියන රස්සාවක් දාලා යන්නේ...? දැන් ඕස්ට්‍රේලියාවේ හිටියා නම් පාරවල් ගානේ ඇවිද ඇවිද කයියක් ගහලා ඉන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද?
අපෝ... මොකටද අයින් වෙන්නේ... මේ වගේ ටිකට් එකක් ආයේ ඇදන්නේ නෑනේ... ඉතින් හිතුණු වෙලාවට පඩිය වැඩිකරගන්න පුළුවන්... කාගෙන්වත් අහන්න ඕනෑ නෑ. රටේ ඉන්න අනෙක් මිනිස්සුන්ට හෙණ ගැහුවත් අපිට වැඩක් නෑ. අපි කාලා හිටියොත් අපිට ඇති ඔක්කොම ඔය හැමතැනම ඉන්නේ... එහෙම අය තමයි... හොඳයි කියන්න කෙනෙක් වත් නෑ...