
(ෂේන් සෙනෙවිරත්න )
මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක් නමින් සමාජ මාධ්‍ය සබැඳියක් නිර්මාණය කොට ඒ හරහා මහා පරිමාණ මුදල් වංචාවක නිරත වූ බව කියන පුද්ගලයෙකු මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .
සාමාන්‍ය පෙළ හෝ සමත් වී නොමැති සැකකරු විසින් සිදු කොට ඇති මෙම මහා මුදල් වංචාවට හසු වූ වැඩි පිරිස විශ්ව විද්‍යාල සිසුන් වීමද විශේෂත්වයක් බව පොලිසිය කියයි .
සැකකරු ව්‍යාජ සබැඳියක් නිර්මාණය කොට සමාජ මාධ්‍යයට මුදාහැර විවිධ පරිගණක තරග පවත්වා සුළු සුළු මුදල් ත්‍යාග ලබා දී විශ්වාසය ගොඩනගාගෙන පසුව අදාල ව්‍යාපාරික ආයතනය මගින් පවත්වනු ලබන සේල් වෙළඳ භාණ්ඩ අලෙවි වැඩසටහන් වල භාණ්ඩ මිලදී ගැනීමට යැයි පවසමින් ඔවුන්ගේ ගිණුම් වලට මුදල් ලබාගෙන ඇති බව පොලිසිය කියයි .
සැකකරු එසේ එකවර මුදල් ලබා නොගෙන කොටස් වශයෙන් මුදල් ලබා ගනිමින් රුපියල් ලක්ෂ එකහමාර දෙක වැනි ශේෂයකට පැමිණි පසු දුරකථන අංක අවහිර කොට දමා ඇති බවද පොලිසිය කියයි .
මේ අයුරින් ඉතා කෙටි කලක් තුළදී රුපියල් ලක්ෂ තිහකට ආසන්න මුදලක් වංචා කොට ඇති බවට මේ වන විට කරුණු අනාවරණය වී ඇති අතර එම මුදල තවත් වැඩි විය හැකි බවද පොලිසිය කියයි .
ඔවුන් ඒ සඳහා බැංකු ගිණුම් නවයක් භාවිතා කොට ඇති අතර තණමල් විල ප්‍රදේශයේ විවෘත කොට තිබූ බැංකු ගිණුම් දෙකක් හරහා සිදුකළ විමර්ශනයකින් පසු තනමල් විල ප්‍රදේශයේ නිවසක සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ .
මෙම මහා මුදල් ජාවාරම මෙහෙය වූ බවට සැක කරන තවත් කාන්තාවක අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන සිදු කෙරේ .
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මහාපරිමාණ මුදල් වංචාකරුවෙක් පොලිස් දැලේ
sam Friday, 11 October 2024 08:23 AM
මූට අහු උන විශ්වවිද්‍යාල සිසුන් හරක්ද ?