
(ෂේන් සෙනෙවිරත්න සහ මොහොමඩ් ආසික්)
දින ගණනාවක් පුරා අඩපණව පැවැති මහනුවර නගර සීමාව ඇතුළු තදාසන්න ප්‍රදේශවල ජල සැපයුම 50% කින් පමණ නැවත යථා තත්ත්වයට පත් කිරීමට හැකි වූ බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
මහනුවර නගර සීමාව ඇතුළු ප්‍රදේශ රැසකට ජලය සපයන කොම්පාකාර තුන වූ ගැටඹේ පොම්පාකාරය, කටුගස්තොට පොම්පාගාරය සහ ගම්පොල පාරේ ඉංජිනේරු පීඨය අසල පොම්පාගාරය යන පොම්පාගාර සියල්ලක්ම පැවති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ගංවතුරට යටවී විනාශයට පත්විය.
එම පොම්පාගාර නැවත අලුත් වැඩියා කොට එහිතැන්පතව තිබූ රොන්මඩ ඉවත් කිරීම සඳහා යුද හමුදාව නාවික හමුදාව මහනුවර මහනගර සභා සේවකයන් ඇතුළු ජාතික ජල මණ්ඩලයේ සේවකයන් දිවා රෑ නොතකා දැඩි උත්සාහයක නිරත විය.
එම තත්ත්වය හමුවේ අද වන විට ගැටඹේ සහ කටුගස්තොට ජල පොම්පාගාර වල පොම්ප දෙක බැගින් ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවත් එයින් බෙදා හරිනු ලබන ජලය ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයාා පැවසීය.
විසල් මහනුවර ජල යෝජනා ක්‍රමයේ කළමණාකරු ඉංජිනේරු ඩබ්ලිව්.ඒ් එම්. ඉර්ෂාඩ් මහතා කියා සිටියේ ඇතැම් ප්‍රදේශවලට ජලය සැපයීම ආරම්භ කර ඇති බවත් ඉදිරි දින දෙක තුල විසල් මහනුවර ජල පවිත්‍රාගාරය මගින් ජලය සපයනු ලබන සියලු ප්‍රදේශවලට ජලය සැපයීම යථා තත්වයට පත් කිරීමට හැකි වනු ඇති බවයි.
ඇතැම් ප්‍රදේශවල නළ පද්ධතියට හානි සිදුව ඇති බැවින් එම නළ පද්ධතිය අලුත්වැඩියා කර ගෙන ජල සැපයු ලබා දීමේදී සුළු ප්‍රමාදයක් සිදු වන බවත් ඒ මහතා කීය.
කෙසේ වුවත් ඉදිරි දින දෙක තුල සියලු ප්‍රදේශවලට ජල සැපයුම යථා තත්වයට පත් කිරීමට හැකි වනු ඇති බවත් ඒ මහතා තව දුරටත් කීය.


2025 දෙසැම්බර් මස 04
201
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
381
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
384
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහනුවරට සියයට 50කට වතුර යථා තත්වයට