
(මොහොමඩ් ආසික්, ෂේන් සෙනෙවිරත්න සහ පාලිත මඩුගල්ල)
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් අද දිනයේ (18)උඩදුම්බර හුන්නස්ගිරිය ප්‍රදේශයේ නිවාස දෙකක් නායයෑමට ලක්වීම නිසා පුද්ගලයන් තිදෙනකු තුවාල ලබා ඇති බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
මහනුවර ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා සඳහන් කළේ මෙම නායයෑම සුරක්ෂිත මධ්‍යස්ථානයක් ආසන්නයේ සිදු වු බැවින් එම සුරක්ෂිත මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයන් 90 දෙනෙකු රන්ටැඹේ පුහුණු මධ්‍යස්ථානය වෙත තාවකාලිකව මාරු කිරීමට පියවර ගත් බවයි.
පවතින අධික වර්ෂාවත් සමඟ මහනුවර මහියංගණය මාර්ගයට ගල් සහ පස් කණ්ඩි කඩා වැටීමේ අවදානමක් පවතින බැවින් මහනුවර මහියංගණය මාර්ගය භාවිතා කිරීම හැකිතාක් සීමා කරන ලෙසත් රාත්‍රී කාලයේ හැකි නම් එම මාර්ගයේ භාවිතයෙන් වළකින ලෙසත් රණවීර මහතා තව දුරටත් ඉල්ලා සිටියි.
යම් හෙයකින් එම මාර්ගය භාවිතා කරන්නේ නම් ගල් සහ පස් කණ්ඩි කඩා වැටිම ගැන දැඩි අවධානයෙන් භාවිතා කරන ලෙසත් රණවීර මහතා තව දුරටත් ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අයියලා රට කරන කාලේ තමයි නුවර කැලෑ ටික කපලා, විධිමත් ක්‍රමයක් නැතිව කඳුවල ගෙවල් හදලා. කඳුකරයම මේ තත්වයට ඇදලා දැම්මේ. මගේ ජීවිත කාලේ ඇතුළත තමයි නුවර කඳු ටික එළිවෙලා, ගෙවල් හදන්න බැරි තැන වලත් ගෙවල් හදලා, මේ විනාසෙට පාර කැපුවේ. දැන් කයිය රටක් විදියට කඳුකරය ගැන ,පක්ෂ විපක්ෂ භේදයකින් හරි ප්‍රතිපත්තියක් තිබුණා නම් මේ නාය යන එක වලක්වා ගන්න තිබ්බා. දැන් හොඳටම පරක්කුයි.