IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මහනුවරට ගං වතුර අවදානමක්

( ෂේන් සෙනෙවිරත්න)

නිරිත දිග මෝසම් වැසි සක්‍රීය වන ඉදිරි කාලයේදී මහනුවර නගරය බරපතළ ලෙස ජල ගැලීම් වලට ලක්විය හැකි බව පේරාදෙණිය  විශ්ව විද්‍යාලයේ භූගර්භ විද්‍යා පිළිබඳ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි .

පසුගිය දිනවල ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමග මහනුවර නගරයේ ස්ථාන කිහිපයක් අවස්ථා කිහිපයකදී බරපතල ලෙස ජලගැලීම් වලට ලක්වීම පිළිබඳව සිදුකළ විමසීමකදී ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ මහනුවර නගරය ආශ්‍රිතව ඇති අවිධිමත් ඉදිකිරීම් මෙම ජල ගැලීම්වලට බරපතළ ලෙස බලපා ඇති බවයි .

මහවැලි නදියට සමගාමීව උස් ස්ථානයක පිහිටා ඇති මහනුවර නගරයේ වැසි ජලය ඇතුළු අනෙකුත් අප ජලය නගරයෙන් පිටමං කරන ප්‍රධාන ඇළ මාර්ග දෙක වන මැද ඇල අවහිර වන ආකාරයට සිදුකර ඇති අවිධිමත් නීති විරෝධී ඉදිකිරීම් මහනුවර නගරය සුළු වර්ෂාවකදී පවා ජලයෙන් යටවීමට හේතු වී ඇති බව ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා පැවසීය .

මහනුවර විලියම් ගොපල්ලව මාවතෙන් ආරම්භ වී ගැටඹේදී මහවැලි නදියට එකතු වෙන මැද ඇළ සහ ඩී.එස්.සේනනායක වීදියේ කෙළවරින් ආරම්භ වී කටුගස්තොට අලි නාවනතොට අසලදී මහවැලි නදියට එකතු වෙන මැද ඇළේ බොහෝ ස්ථාන ඇතැම් ව්‍යාපාරිකයන්ගේ ග්‍රහණයට හසුවීම හේතුවෙන් එම ඇල මාර්ග දෙක බෙහෙවින් පටු වී ඇති බව මහාචාර්යවරයා පෙන්වා දෙයි .

මෙම තත්ත්වය උඩ කෙටි වේලාවක් තුළදී මිලි මීටර් 100 ඉක්මවූ වර්ෂාවක් මහනුවර නගරය ආශ්‍රිත ප්‍රදේශවලට ඇදහැලුනහොත් නගරයට බරපතළ හානි ගෙනදෙන ජල ගැලීම් වලට ලක්විය හැකි බව මහාචාර්යවරයා පැවසීය .

මෙම බරපතළ තත්ත්වය සම්බන්ධයෙන් අදාළ වගකිවයුතු නිලධාරීන්ට දැනුම් දී ඇති බවද මහාචාර්යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.



අදහස් (0)

මහනුවරට ගං වතුර අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site