
(ෂේන් සෙනෙවිරත්න)
ඊශ්‍රායල් ජාතිකයන් නැවතී සිටින මහනුවර සංචාරක හෝටල්වලට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පොලිසිය පියවර ගෙන තිබේ.
මහනුවර පොලිස් කොට්ඨාසය තුළ ඇති සංචාරක හෝටල්වලට පැමිණෙන විදේශීය සංචාරකයන් පිළිබඳව දෛනික වාර්තා ලබා ගැනීමට පියවර ගෙන ඇති අතර ඒ අතරින් ඊශ්‍රායල් ජාතිකයන් නවාතැන් ගන්නා සංචාරක හෝටල්වලට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට ද පොලිසිය පියවර ගෙන තිබේ.
මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක මෙම ආරක්ෂක වැඩපිළිවෙළ යටතේ එම සංචාරක හෝටල් ආශ්‍රිතව විශේෂ මුර සංචාර වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව කියන්නේ, අන්තවාදී බෞද්ධයින් හා අන්තවාදී මුස්ලිම් කල්ලි හා බැඳුනු දේශපාලන වාතාවරණයක් තියන රටක් බව ඊශ්‍රායල් ඇතුළු අනෙකුත් සංචාරකයින් තේරුම් ගත යුතුයි. ඒ වගේම මහනුවර කියන්නේ අන්තවාදයේ නිජබිමක්.. ඒ අතරින් මහනුවර, දිගන නගරය තනිකරම තලේබාන් වර්ගයේ බෞද්ධයින් සිටින ප්‍රදේශයක්...
ආරක්ෂාව දැමීම අදට හොඳයි, තර්ජනය මුලිනුපුටා දැමීම අනාගතේට හොඳයි.