
(සුජිත් හේවාජුලිගේ)
මහනුවර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග අපේක්ෂකයකු මහනුවර තරු පහේ හෝටල් තුනකට ජනතාව දහස් ගණනින් වරින් වර කැඳවා සංග්‍රහ ලබාදී ඇතැයි දිස්ත්‍රික්කයේ සෙසු අපේක්ෂකයන් සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.
පසුගිය දිනවල අවස්ථා කිහිපයකදීම මෙලෙස සංග්‍රහ ලබාදී ඇති බව ප්‍රදේශයේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ ආකාරයට සංග්‍රහ ලබාදීම මැතිවරණ නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් මෙන්ම මුදල් නොමැති සෙසු අපේක්ෂකයන්ට කරන බරපතළ අසාධාරණයක් බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වාදෙයි.
එසේ ඡන්දදායකයන්ට සංග්‍රහ ලබාදීම ග්‍රේෂ්ඨාධිකරණයෙන් අදාළ පුද්ගලයාගේ මන්ත්‍රීධූරය අහෝසි කිරීමට පවා තුඩුදෙන කාරණයක් බවත් අතීතයේ ඡන්ද දායකයෙකුට තේ කෝප්පයක්දී මන්ත්‍රී ධූරය අහෝසි වූ අවස්ථාවක්ද සඳහන් වන බවත් නිරීක්ෂණ සංවිධාන ප්‍රකාශකයෙක් පැවසීය.
මේ අතර මේ ගැන පැමිණිලි කළද ප්‍රදේශයේ ඇතැම් මැතිවරණ බලධාරීන් මේ සම්බන්ධයෙන් ඇස් කන් පියාගෙන සිටින තත්වයක්ද පෙනෙන්නට ඇතැයි හෙතෙම සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂයේ නායකයා දැනගන්න ඕන මෙහෙම නීති කඩන එවුන්ට විනය පියවර ගන්න
ඉතින් ඇයි මැතිවරණ කොමසාරිස් කාර්යාලය නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ.
මනාප ක්‍රමය නිසා එකම පක්ෂයේ සමගිය පවා නැතිවෙනවා. ඇත්තටම සල්ලි ලොකුවට නැති අයට ඡන්ද අඩුවෙන්න තියන ඉඩ වැඩියි සල්ලිකාර අපේක්ෂකයන් මොන මැතිවරණ නීති තිබුණත් ඒවාට පිටින් ගිහින් සල්ලි බලයෙන් ඡන්ද දායකයන් නම්මාගන්න හදන නිසා. ඔය ටෙලිෆෝනය පක්ෂයේම හොඳ උදාහරණයක් කළුතර දිස්ත්‍රික්කයේ සිදුවෙනවා. මහා පරිමාණ ගොඩනැගිලි සහ පුද්ගලික බස් රථ හිමියෙකු දැන් ටික කලක ඉඳලා කළුතරට ඇතුලින් පිහිටි ආසනයක සංවිධායක ලෙස කටයුතු කරනවා. ඔහු කන්න බොන්න දෙන්නේ මහා පරිමාණ ලෙස. ව්‍යාපාරිකයෙක් නිසා රැකියාවක් දීම සුළු දෙයක්. ඔහුගේ ආසනයේ ඉන්න ගෝලයන්ට තහනම් අනික් අපේක්ෂකයන්ට උදවු කරන්න හැබැයි ඔහු අනික් අපේක්ෂකයන්ගේ බල ප්‍රදේශවල ගිහින් සල්ලි බලයෙන් ඡන්ද ගන්න හදනවා. පක්ෂ නායකයාට ඉතා වටිනා වාහනයක් පාවිච්චියට දීලා කියනවා. ඒ නිසා අනික් අපේක්ෂකයන්ගේ කතා නායකයන්ට ඇහෙන්නේ නෑ. මනාප ක්‍රමය නොතිබුණ නම් ඔය ප්‍රශ්න ඇති වෙන්නේ නෑ.