(ජේ. ඒ. එල්. ජයසිංහ සහ චන්දන උඩුවාවල)

මහනුවර නගරයේ ඩී. එස්. සේනානායක වීදියේ අවන්හලක දෙපිරිසක් අතර අද සවස ඇතිවු ගැටුමකින් සිවුදෙනකු තුවාළ ලබා රෝහල් ගත කළ අතර ගැටුමට සම්බන්ධ තවත් පිරිසක් අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය කියයි.

මෙම ගැටුමත් සමග නගරයේ දැඩි නොසන්සුන් තත්ත්වයක් ඇති වූ නගරවාසීහු ආරක්ෂාව පතා හිස් ලූ අත දිව ගියහ.

අවන්හල තුළදී ඇතිවූ මෙම ගැටුමට සහභාගී වුවන් පොලු බෝතල් සහ ගඩොල් ප්‍රහාර එල්ල වීමත් සමග අවටින් ගමන් කළ සංචාරකයන් ද දැඩි ලෙස භීතියට පත්ව ආරක්ෂාව පතා දුවන අයුරු දැක ගත හැකි විය.

ගැටුම සැලවීමත් සමග මහනුවර පොලිස් මුලස්ථානයේ නිලධාරිහු පිරිසක් එම ස්ථානයට පැමිණියහ.

ගැටුමට මැදිව තුවාළවූවන් රෝහල් ගත කිරීමටත් පහර දුන් බව කියන ගැටුමට සමිබන්ධ වු බව කියන කීප දෙනෙකු පොලිසිය භාරයට ගත් බව පොලිසිය කියයි.