
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 17 වැනි වරටත් සංවිධානය කළ ‘‘පැණසර ලොවකට පියාපත්‘‘ මහනුවර පොත් ප්‍රදර්ශනය මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්හිදී අද (1) අති උත්කර්ශවත් අයුරින් ආරම්භ විණි.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කේ.සී.සී ආයතනයේ සභාපති තුසිත විජේසේන, මහනුවර සහ මාතලේ දිසා බාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක සහ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර සමරසිංහ මහත්වරුන් ඇතු ළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම ප්‍රදර්ශනය ආරම්භ කෙරිණි.
දිවයිනේ ප්‍රධානතම පොත් ප්‍රකාශකයන් ඇතුළු ප්‍රකාශකයන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම පොත් ප්‍රදර්ශනය කොළඹ ජාත්‍යාන්තර පොත් ප්‍රදාර්ශනයට පමණක් දෙවැනි වන බව සංවිධායකයෝ පවසති.
ජූලි 07 වැනිදා තෙක් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය සෑම දිනකම පෙරවරු 9.00 සිට රාත්‍රී 7.0 දක්වා පැවැත්වෙන අතර විශේෂ වට්ටම් ඇතිව පොත් මිලට ගත හැකි බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පවසයි.


2025 දෙසැම්බර් මස 18
551
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහනුවර පොත් ප්‍රදර්ශනය ඇරැඹේ
T.s kumar Monday, 01 July 2024 04:50 PM
ගොඩක් පොත් කල් ඉකුත් වූ ඒවා...! මම උත්සාහ කළේ උසස් පෙළ Ict පොත් ගන්න.. නමුත් ඒවා නෑ...