IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මහනුවර නගරයේ ගස් දෙකක් කඩා වැටී වාහන 8කට හානි

( ෂේන් සෙනෙවිරත්න )

මහනුවර අස්ගිරිය තිලක් රත්නායක මාවතේ තිබූ දැවැන්ත බෝ ගසක් සහ සපු ගසක් මහා මාර්ගයට ඇද වැටීම හේතුවෙන් මහමග ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයක් ඇතුළු වාහන අටකට බරපතල හානි සිදු වී දෙදෙනෙකු තුවාල ලැබූ බව මහනුවර පොලිසිය පවසයි .

අද (27) මහනුවර නගරයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග පොලිස් ක්‍රීඩා පිටිය ඉදිරිපිට පොලිස් නිල නිවාස වලට හැරෙන තුන් මං හන්දියේ තිබූ මෙම දැවැන්ත බෝගස සහ සපු ගස එක්වරම මහා මාර්ගයට ඇද වැටී තිබේ .

මහ මඟ ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයේ සිටි දෙදෙනෙකු එම අනතුරින් තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට ඇති අතර පාරේ නවතා තිබූ කේ.ඩී.එච්. වර්ගයේ වෑන් රථයක් ඇතුළු මෝටර් රථ 07 කට පමණ ගස කඩා වැටීමෙන් බරපතල හානි සිදුව ඇති බව පොලිසිය කියයි .



අදහස් (1)

මහනුවර නගරයේ ගස් දෙකක් කඩා වැටී වාහන 8කට හානි

Lalla Thursday, 28 December 2023 09:14 AM

හන්දියක් ගානේ බෝ ගස් පැලකිරීම අනිත් අනාරක්ෂිත ගසුත් එක්කම තහනම් කරන්න. සමහර අය තම නිවස අසල මහාමාර්ගයේ අයින්වල මල් සහ ගස් වවන්න මෝඩ පුරුද්දක් පටන්ගෙන...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site