
(ජේ.ඒ.එල් ජයසිංහ, පි.එම්. රාජපක්ෂ සහ මොහොමඩ් ආසික්)
විදේශීය රටවලින් ගෙන්වන ප්ලාස්ටික් ලයිටර් හේතුවෙන් දේශීය ගිනිපෙට්ටි නිෂ්පාදන කර්මාන්තයට විනාශවන බව පවසමින් ලංකා ගිනිපෙට්ටි නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමය සංවිධානය කළ විරෝධයක් මහනුවර ටොරින්ටන් උද්‍යානය ඉදිරිපිටදී අද විරෝධතාවක නිරත විය.
නුතනයේ ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන සදහා විවිධ නීතිරීති පැනවුවද ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන බවත්, දේශීය ගිනිපෙට්ටි කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සදහා රජයේ මැදිහත්වීම අවම බවත් විරෝධතාකරුවෝ පැවසූහ.
ගිනිපෙට්ටි නිෂාපාදනය කරන ආයතනවල පිරිසක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා හමු වී ඔවුන්ගේ ගැටළු ඉදිරිපත් කිරීමට ද පියවර ගත්හ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කෝටම කලින් ප්‍රමිතියක් ඇති ගිනිපෙට්ටි හදලා සාධාරණ මිලකට දෙන්න
වහිනකොට පත්තු නොවෙන ගිනි පෙට්ටි සහ බාගෙට පත්තු වෙන ගිනි පෙට්ටි වලට වඩා රුපියල් 100ට හතරක් දෙන ලයිටර් අපට වටිනවා. හරියට ගිනිපෙට්ටියක් හදාගන්න බැරි නම් කර්මාන්තශාලා වහලා දාන්න. අපට බාල ගිනි පෙට්ටි එපා.
යම් භාණ්ඩයක් මෙරට තුළ නිෂ්පාදනය කිරිමට වඩා පිටරටින් ගෙන්වීම ලාභදායක නම් එම භාණ්ඩ ආනයනය කිරීම සුදුසු බව ආර්ථික විශේෂඥයින්ගේ මතයයි. ගිනි පෙට්ටි නිෂ්පාදනය අලාභදායී නම් බල්ලන් මරා හෝ සල්ලි හම්බ කරපල්ලා.
ගිනි පෙට්ටියක් ගත්තම පෙට්ටියෙන් භාගයක් ඉවර වෙන්නත් කලින් පෙට්ටියේ ගිනිකූරු වදින්නෙ නැතුව යනවා, ඉතුරු ගිනිකූරු ටික අහක. මිනිස්සුන්ගේ විශ්වාසෙ නැති කරගත්තම ඔහොම වෙනවා. දැන්වත් ඉස්සර වගේ හොද ගිනි පෙට්ටි එළියට දැම්මනම් ආපහු ගිනි පෙට්ටි මිනිස්සු ගනීවි.
නිෂ්පාදනය ප්‍රමිතියට කරල කතා කරන්න. අනික ඔය කියන ගිනි කූරුත් ඉටි ආලේපිත නේද? නැතිනම් ඔය කට්ටියත් සාධාරණ මිලකට ලයිට් නිෂ්පාදනය කරන්න. බැරිකම වහගන්න පාරිභෝගිකයා බිල්ලට ගන්න එපා.
ගිනි පෙට්ටි අන්තිමයි!!! දවසට පෙට්ටිය ක් විතර ඕන... පත්තු වෙන්නේ නෑ!!! මිනිස්සු ලයිටර් ගන්නේ ගිනිපෙට්ටි වැඩක් නැති නිසයි!!!