
(රෝෂන් තුෂාර)
ව්‍යාධි ජනක කාබනික පොහොර නැවක් ආනයනය කර රුපියල් කෝටි 130 පාඩුවක් සිදු කළේ යැයි කියන විමර්ශන විභාගය සඳහා අල්ලස් කොමිසමේ පෙනී නොසිටි හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (16) වරෙන්තු නිකුත් කළාය.
අල්ලස් කොමිසම ඉදිරිපත් කළ මෝෂන් පත්‍රයක් සලකා බැලීමෙන් පසුව මෙම වරෙන්තුව නිකුත් කළාය.
අල්ලස් කොමිසම අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් , අල්ලස් පනතේ විධිවිධාන ප්‍රකාරව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වරෙන්තුවක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
තමන් අත්අඩංගුවට පත්වුවහොත් ඇප ලබාගත හැකි වන පරිදි පූර්ව ඇපයක් නියම කරන ලෙස මහින්දානන්ද අලුත්ගමගේ මහතා අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර පෙරේදා දින අල්ලස් කොමිසම මෝෂමක් ගොනුකරමින් අදාල පෙත්සමට කරුණු ඉදිරිපත් කිරීමට අවසර ලබා දෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම සලකා බැලීමෙන් පසුව ප්‍රධාන මහේත්‍රාත්වරිය නියෝග කර සිටියේ අදාළ ඉල්ලීමයි ලබන සඳුදා (19)ඉදිරිපත් කරන ලෙසය.
කෙසේ වෙතත් අද (16) දින විශේෂ මෝෂමක් ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම අල්ලස් පනතේ විවිධානාන ප්‍රකාරව වරෙන්තු නිකුත් කරන ලෙස කළ ඉල්ලීම සලකා බැලීමෙන් පසුව මෙම වරෙන්තුව නිකුත් කර ඇත.
2025 නොවැම්බර් මස 04
666
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2333
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1724
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මහින්දානන්දට වරෙන්තු
Ranger Friday, 16 May 2025 09:03 PM
වැඩේ හොඳයි.. වෛරයෙන් කරන එකයි අවුල...
කව්ද බෝයි Saturday, 17 May 2025 10:06 AM
හුටා, අපේක්ෂිත ඇප ඉල්ලපු වෙලාවේ, අනපේක්ෂිත වරෙන්තුවක් නිකුත් වෙලා....
පිටිගල මිලානෝ Saturday, 17 May 2025 11:04 AM
වැලිකඩ පුංචි පාර්ලිමේන්තුවට එයාටත් නාමයෝජනා හරි...
තෝමස් Saturday, 17 May 2025 02:48 PM
මං බැලුවා මොකද පරක්කු කියලා...
fairoos Saturday, 17 May 2025 04:55 PM
එතකොට ගෝඨාභය කරපු පාඩුව...?