
(අංජුල මහික වීරරත්න)
ලංකාව බංකොලොත් වීමට හේතු වූයේ 2012 වසරේදී මහින්ද රාජපක්ෂ විසින් 6.5% අධික පොලියට ලබාගත් ඩොලර් කෝටි 100ක ණය මුදල බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
අයවැයට පක්ෂව ඡන්දය දුන් මහින්ද දැන් බදුබර වැඩි බවට මාධ්‍ය නිවේදන නිකුත් කිරීම විහිළුවක් බව ද රණවක මහතා සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ 2012 දී ගත් ණය 2022 ජූලි 26 වැනිදා වන විට සම්පූර්ණයෙන්ම ගෙවා දැමිය යුතු වුවත් අවසානයේ ඒ ණය ගෙවා ගන්නට නොහැකි වීම නිසා රට බංකොලොත් වූ බව පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ එදා 6.5% අධික පොලියට ණය ගත්තේ දශම එකේ (0.1%) සහනදායී ණය ගන්නට පසුබිම තිබියදී බවද චම්පික රණවක මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද නොවේ, ඇයි 2015 ඉඳලා තමුන් හිටපු "යහපාලන" ආණ්ඩුව ISB වලින් ගත්තු ණය ගැන කතා කරන්නේ නැත්තේ...?
ඒ වකවානුවේ ඔයත් එම ආණ්ඩුවේ කැබිනට් ඇමැති කෙනෙක්. නමුත් එදා මේවා හෙළි කර නැත්තේ තනතුරු අහිමිවන නිසාද..?
ඔය කාල වකවානුව තුළ ඔබත් මහින්දගේ ආණ්ඩුවේ ඇමැතිකම් කළා නේද?
කෝ මෙයාගේ කේ පී?
ඈ බං,,, ඒ කාලේ විදුලි බල ඇමති කව්ද ?
පාට ලීයක් නෙවෙයි දිරච්ච ලීයක්... ගල් අඟුරු හොරු....
මහින්ද රාජපක්ෂ යටතේ ඇමැතිකම් කරලා ඔහුගේ කැබිනට් එකේ ඉඳලා යනඑන මන් නැති වුණාම හිටපු නායකයින්ට බනිනවා. අනාගතේ මොන ආණ්ඩු එක්ක නායකයෝ සමග එකතු වුණත් මේ අයගේ ක්‍රියාව මේකම තමයි. අනික් සියල්ලෝම වැරැදියි... මෙයා විතරක් හරි. අතීතයට බනිනවා හැර වෙන දෙයක් නැත...!
ඒ වුණාට යුද්ධය ඉවරකරපු අභීත සිංහල බෞද්ධ නායකයෙක්නේ... රට බංකොළොත් වෙනකන් මාටියා ගැහුවට කමක් නැහැනේ...
ඉතින් අනේ ඒ කාලේ ඔයත් එයාගේ කබිනට්ටුවේ නොවැ... ඔයත් මාර ජෝකර් කෙනෙක්නේ! ඊළඟ පාර නම් ෂුවර් නැහැ නේද?
මේ උන්දෑ හීනෙන් බය වෙලාද? 2012 ඒ ආණ්ඩුවේ ඇමැති කෙනෙක් නේද? ඒ කාලෙම කියන්න තිබුණානේ...!
මොහු එවකට මහින්දගේ රජයේ ප්‍රබල ඇමැතිවරයෙක්. ඒ දිනවල කියන්න තියෙන දේ අද කියන්නේ මහින්දගේ ඡන්ද ගොඩ ගන්නද?