
(සුජිත් හේවාජුලිගේ )
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී ඇති නිල රථ හය අතුරින් ගිලන්රථය ද ඇතුළුව නිල රථ තුනක් ජනාධිපති ලේකම් කාර්යාලයට හෙට (21) බාර දෙන බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය පවසයි.
රාජ්‍ය බුද්ධි සේවා වාර්තා අනුව ලංකාවේ සිටින දේශපාලන නායකයන් අතුරින් ඉහළම තර්ජනයට ලක්ව සිටින දේශපාලඥයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දක්වා ඇති පසුබිමක මෙම නිල රථ ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා තිබූ බවද එම ඒකකය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇම්බියුලන්ස් එක නැතිව කොච්චර මිනිස්සු මැරුණද? මෙයාලා ඇම්බියුලන්ස් ගෙදර නිකන් තියාගෙන හිටලා... මොනතරම් අපරාධ වැඩද කරලා තියෙන්නේ... මොවුන්ට ඡන්දෙ නෙවෙයි ගහලා පන්නන්න ඕනෙ රටෙන්...
රටම කොල්ලකාපු විදියට ආරක්ෂාව ඕන තමයි...
පාතාලයේ නම් කිසිම තර්ජනයක් නෑ, ඔක්කෝම ගෝල බාලයෝ නිසා... මෙයාට ලොකුම තර්ජනය තියෙන්නේ රටේ සාමාන්‍ය ජනතාවගෙන්. එයාලාගෙන් බේරෙන්න නම් පුළුවන් නමුත් ඔය මොනවා තිබුණත් කර්මයෙන් ගැලවීමක් නෑ.
විවේක සුවෙන් ගෙදරට වෙලා ඉන්නේ නැතුවට හොඳ වැඩේ.
කෙනෙක්ගේ වාරුවෙන් යන කෙනාට කැබ් රථ තුනක්ද? තව ආරංචි රජියා බංගලා තුනක සැප විඳිනවා කියලා.
ඇම්බියුලන්ස් එකක් මක්කටෙයි ජයරත්න එකෙන් රෙස්පෙට් එකක් ගමනක් යනකොට කුලියට ගත්තාම මදැයි ඔච්චර වියදමක් නැතිවෙයි ඇත්තටම එක පස්සක් තියන්න වාහන හයක් මක්කටෙයි මහත්තයෝ.
මාලිමාව හෝ වෙනත් පක්ෂයක නිර්වින්දනය ලැබූවෙකුට යථාර්ථයක් නොවැටහේ. මහින්ද මහතා හෝ කිසිවෙක් හොරකම් කළා නම් ඒවා හොඳ යැයි කීමට තරම් මන්ද මානසිකත්වයක් නැත. නමුත් වසර 30 ක් තිස්සේ පැවති කෲර කොටි ත්‍රස්තවාදය නැත්තටම නැති කිරීමට මූලික වූ මහින්ද මහතාට එහි ගෞරවය හිමි විය යුතුයි. ඒ නිසා ඔහුට තියෙන කොටි තර්ජන ගැනද වර්ථමාන සුහුඹුල් ආණ්ඩුව අවධානයෙන් සිටිය යුතුයි. එය රටේ වගකීමකි...
රාජ්‍ය දේපල, මේතරම් අවභාවිතා කරන පවුලක්, මේ මුලු ලෝකයේම නැහැ...
රට කාපු කෑම පේනවා නේද?
ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු, රීරි මාංශ උරාබීපු ලේ මාපිලෙක්.. රෝද පුටුවක් දුන්නා නම් ඉවරයි.
කවුද දන්නේ නැහැ... මෙයාට මේ බුද්ධි වාර්තාව දුන්නු බුද්ධි නිලධාරීයා සුරේෂ් සලේද දන්නේ නැහැ...!
ඉක්මණට යන්න...
තර්ජනය තියෙන්නේ රටේ මහජනතාවගෙන් ,මහජනයාගෙන් ආරක්ශාවෙන්න මහජනයා මොකටද මෙයාගේ ආරක්ෂාවට වියදම් දරන්නේ ?
ඔවුන් බාර දෙන වාහනය 2010-2015 පරණ වාහන විය හැකි අතර ඵලක් නැත, බදු ගෙවිය යුතු සහ විමර්ශනය කළ යුතු තවත් අලුත් මෝටර් රථ මේ සියලු පරීක්ෂණ අඩු වන තුරු මිතුරන්ට සහ පවුලේ අයට ලබා දෙනු ඇත. අපි කවුරුත් දන්නා කතාව, නිකන් මීඩියා වලට, එයාට පරණ වාහන ටිකක් ආපහු දෙන්න දීපන්, අපිට බලන්න පුළුවන් සංදර්ශනේ විතරයි නේද?