IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මහින්දගේ විදෙස් ගමන් තහනම සම්පූර්ණයෙන්ම ඉවතට

(නිමන්ති රණසිංහ)

ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමකාමී විරෝධතා ව්‍යාපාරවල සිටි පිරිසට පහරදී අලාභ හානි සිදුකළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයට අදාළව විදෙස් ගමන් තහනම් කර සිටි හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සිව් දෙනකුගේ එම තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (17) නියෝග කළේය.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එම සිව්දෙනා මෙම සිද්ධියට අදාළව සැකකරුවන් ලෙස නම්කර නොමැති බැවින් ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගය ඉවත් කරන ලෙසට ජනාධිපති නිතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

ඒ අනුව මෙලෙස විදෙස් ගමන් තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කෙරුණේ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ඇමැතිවරියක වන පවිත්‍රා වන්නිආරච්චි, හිටපු ඇමැතිවරයකු වන රෝහිත අබේගුණවර්ධන, හිටපු පළාත් සභා මන්ත්‍රී කංචන ජයරත්න යන අයවලුන්ගේය.

මෙම නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත දන්වා යවන ලෙස ද මහේස්ත්‍රාත්වරයා අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට ද නියම කළේය.



අදහස් (10)

මහින්දගේ විදෙස් ගමන් තහනම සම්පූර්ණයෙන්ම ඉවතට

Samitha S. Aluthgamage Wednesday, 17 May 2023 05:39 PM

සාමකාමී මහජන උද්ඝෝෂණයට අරලිය ගහ මැදුරේ අභියස සිට එල්ලකළ මැර කල්ලි ප්‍රහාරය නිසා එතෙක් පැවැති සාමකාමී වාතාවරණය සහමුලින්ම වෙනස් වී ඉතා බිහිසුණු කලහකාරී තත්වයක් ඇති විය. එහෙත් ඊට සම්බන්ධව කටයුතු කළ අය සැකකරුවන් ලෙස නම් කිරීමට මේ රටේ පොලිස්පතිවරයා හෝ අනෙකුත් වගකිවයුතු පොලිස් නිලධාරීන් දැනසිට නැත. නීතියට හා අධිකරණයට හරිහැටි තම නීතිරාමුව තුළ ක්‍රියාත්මක විය හැකි වනුයේ, පොලීසිය විසින් නිවැරැදි ලෙස හා අවංකව සාක්ෂි සහිතව සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පමණය. මෙහිදී මේ රටේ මහජනතාවගේ බදු මුදලින් වැටුප් හා වරප්‍රසාද ලබා ඒ ජනතාවටම පොලිසිය ද්‍රෝහි වී ඇත්තේ ඇතැම් බලවතුන් ඉදිරියේ නිවට වී ඔවුන්ට පක්ෂග්‍රාහී වීම නිසා බව පෙනේ. මේ රටේ ඇත්තේ ලොව වෙනත් රටක නොමැති ආකාරයේ අපූරු පොලීසියක් බව පෙනේ. මේ වැනි පොලිසියක් ඇති රටේ මහජනතාවට දෙවියන්ගේම පිහිටයි.

:       82       23

AlfreadWednesday, 17 May 2023 06:56 PM

එතෙක් කොහේද සාමකාමී තත්ත්වයක් තිබුණේ? එදා ඉඳන්ම මිනිස්සු කුලප්පු කරන තත්ත්වයක් නේද එතැන තිබුණේ...? නාකි මයිනා කියලා එහෙම අපහාස කරන්න අවනීතික බලයක් ඔවුන්ට කොහෙන්ද ලැබුණේ? තමන්ගේ ගේ ඉස්සරහ තමන්ට කවුරුහරි අපහාස කරකර අට්ටාලයක් ගහන් ඉන්නවා නම් තමන්ට කොහොමද දැනෙන්නේ... අරගල කාරයෝම බොරු චෝදනා නගලා, ඔවුන්ම අපහාස කරලා ඔවුන්ම තීන්දු දුන්නා ඒ කාලේ... එහෙම නීතියයි, ප්‍රජාතන්ත්‍රවාදයයි විහිලුවකට ගන්න බෑ රටක. ඔය පක්ෂ සේරගේම ඉන්නේත්, රටේ ජනතාව විදියට ඉන්නෙත් අති බහුතරය කාලකන්නි... ඒකයි මේ රටට මෙහෙම වෙන්නේ...

:       8       8

චන්දිම Wednesday, 17 May 2023 08:30 PM

ගම්වල සමහර මිනිස්සු මහින්ද මහත්තයා කියන හින්දයි අරගල කාරයින් මයිනා කියන නම දැම්මේ... ඇල්ෆ්‍රඩ් මහත්තයාට දැන් තෙරුණයි...

:       1       6

සත්‍ය ගවේෂී.Thursday, 18 May 2023 06:54 AM

ඔව් ඔව් .. ඇල්ෆ්‍රඩ් මහත්තයෝ .. හැමෝම කාලකන්නි. ඔයා විතරයි හොඳ. නිකං පිස්සු කියවන්න එපා හලෝ.

:       0       1

C.K.Lankaputhra Wednesday, 17 May 2023 05:55 PM

පොලිස්පතිවරයා පත් කරන්නේ ජනාධිපතිවරයා නම් ජනාධිපති වෙනුවෙන් ඕනෑම ජඩ වැඩක් පොලිස්පතිවරයා නොකරයි කියා යමෙක් හිතනවා නම් ඒ ගැන මම කුමක් කියන්නද?

:       1       6

Nihal Wednesday, 17 May 2023 06:53 PM

ඉක්මණට පිටවෙන්න.. ආපසු එන්න හදිසි වෙන්න එපා...

:       0       6

fairoos Wednesday, 17 May 2023 07:00 PM

පුළුවන් නම් රටින් තොලොංචි වෙලා යන්න. රට කෑවා.

:       1       6

ගමේ එකාලා Wednesday, 17 May 2023 08:38 PM

උගන්ඩාවට පටවපු ඩොලර් බලන්න යන්න බැරියැ. නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කරලා, රටත් බංකොළොත් කෙරුවා...

:       1       9

සාර්කැස්ටික් Thursday, 18 May 2023 07:18 AM

එයාලාට විදෙස් ගමන් යන්න ඕන ඩොලර් උපයන්නේ ගෑනු අරාබියේ වලං සෝදලා නේද?

:       0       1

prasanna Thursday, 18 May 2023 09:07 AM

අපේ රටේ ළමුන්ට තුන් වේලටම සෝයා මීට් කන තත්වයට රටේ ආර්ථිකය වට්ටපු නරුම දේශ පාලකයා .,සුභ ගමන්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site