(නිමල කොඩිතුවක්කු)
සාමකාමී විරෝධතාකරුවන්ට පහර දීමේ පළමු විත්තිකරු අගමැති මහින්ද රාජපක්ෂ බැවින් වහාම ඔහු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලාස්පතිවරයාගෙන් ඉල්ලිමක් කරන බව සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී අද (9) පැවසීය.
ජනාධිපති ඇතුලු ආණ්ඩුවම ඉවත් වනතෙක් මින් ඉදිරියට කිසිදු සාකච්ඡාවකට හෝ වැඩපිලිවලකට සමගි ජනබලවේගය එක් වන්නේ හෝ සහයෝගය ලබා නොදෙන බවත් මහලේකම්වරයා සඳහන් කළේය.
ජනාධිපති, ඇතුලු ආණ්ඩුව ඉවත් වන්නේ නම් පමණක් ජනතාව වෙනුවෙන් රට භාරගැනීමට සමගි ජනබලවේගය ඉදිරිපත් වන බවත් කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
රටේ විපක්ෂනායකට, සාමකාමිව විරෝධය පලකරන තරුණ තරුණයින්ට පහර දෙද්දී නීතිය ක්‍රීයාත්මක නොකරන්නේ ඇයිද යන්න සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් ප්‍රශ්ණ කරන බවත් මහලේකම්වරයා එහිදී පැවසීය.
ජන පීඩිත රාජපක්ෂ ආණ්ඩුවට ගෙදර යන තෙක් ඔවුන්ට එරෙහිව එරෙහිව රටේ ජනතාව පාරට බස්සවා විරෝධය පළකරන බවත් ඔහු කීවේය.
රාජපක්ෂලා බේරාගැනීමට යෙදවූ හදිසි නීතියට සහ ඇදිරිනීතියට ඇහම්කන් දීමෙන් වලකින්නේ යැයිද ඔහු එහිදී ජනතාවගෙන් ඉල්ලීමක්ද කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
’’මහින්ද වහාම අත්අඩංගුවට ගන්න’’
කොට නම් සෙකුරිටි Monday, 09 May 2022 07:22 PM
මූනේ රැවුල තිබ්බනම් " ප්‍රභාකරන්ගේ " අච්චුවමයි..! අනුන්ගේ වැරදි හොයන්න හරිම දක්‍ෂයි... ඒත් එයාගෙ ලොක්කා කරන වැරදි පේන්නෙම නැහැ පෙළපාලි ගිහිල්ලා... රටේ තරුණයින් අවුස්සපු ඒවා එහෙම...!
Ratawasiyek Monday, 09 May 2022 07:51 PM
225ම එකම වල්ලේ... ඔයත් ඇතුළුව සජීනම් කෑවා. ඔයත් කන්නද හදන්නේ?
චන්දන Monday, 09 May 2022 07:53 PM
ඉදිරිය සාමකාමි වෙයි කියලා හිතනවාද?
උස නම් කම්කරු Monday, 09 May 2022 07:54 PM
එතකොට පාස්කුවේ එක වුනේ ඔයා විපක්‍ෂයේ ඉන්නකොට නොවෙයි නේද..? ඇයි ඔය දිව දෙකේ තලගොයි කතා කටුස්සගේ පාට වෙනස්කරලා එදා කිව්වේ නැත්තේ? පළමු විත්තිකරු "හරින්ව වහාම අත්ඩංගුවට ගන්න’’ පාස්කුව සම්බන්ධව කියලා..?
de silva Monday, 09 May 2022 08:38 PM
මයිනා අත්අඩංගුවට ගන්න කිව්වාට ඔයාට දුක හිතුණද?
"" හිඟා කෑම තහනම් ""Monday, 09 May 2022 10:48 PM
අනේ නැහැ .... සිල්වා.... රට තව මාස 5 කට හාන්සියි..! දුක "" හිඟා කෑම තහනම් "" කියන්න බැරි එකට..! ඒ වුනාට ඉබේම ඒක කරන්න වෙනවමයි!
Roxy Monday, 09 May 2022 10:21 PM
ඔයා ගේ නායක සජිත් ගේ තාත්තා අත් අඩංගුවට ගන්න කියන්නත් අමතක වුනාද? උම්බෑ උම්බෑ