
(සුජිත් හේවාජුලිගේ)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාවිච්චි කළ වාහන තුනක් ජනාධිපති ලේකම් කාර්යාලයට අද (21) භාර දුන්නේය.
කැබ් රථයක් වෑන් රථයක් සහ ගිලන් රථයක් මෙසේ භාරදී ඇත.
හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් පාවිච්චි කරන අතිරික්ත වාහන නැවත බාරදෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය දැනුම් දී තිබිණ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයෝ මෙම වාහන පාවිච්චි කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර සැප වාහන ටික තවම ගෙදර නේද ? ගිලන් රථයකුත් තිබිලා. බලන්නකෝ ඒකෙත් හැටි.
අපරාදේ නෙ අර ගිලන් රථය බාර දුන්නේ...
ඕවා මැරෙනකන්ම තියාගෙන ඉන්නද හැදුවේ. කවදා නොහිතපු දෙයක් ද වුණේ. රනිලව ගෙනාවෙත් සැප හැමදාම තියාගන්න නේ.
වාහන මදිනම් පුතගෙන් ඉල්ලගන්න. පුතා කෝටිපතියෙක්නේ.