IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


මහින්ද විද්‍යාලයේ සිසුහු 42 ක් වෙස් පළඳිති

(සිරංගිකා ලොකුකරවිට)

සිසුන් 42 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබූ වෙස් තැබීමේ මංගල්‍යයක් ගාල්ල මහින්ද විද්‍යාලයේ දී අද (11) පැවැත්විණි.  

අට වන ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා වසරවල දරුවන් මේ සඳහා සහභාගී වූ බව විදුහල්පති ගාමිණි ජයසුන්දර මහතා පැවසීය.

පාසලේ නර්තන විෂය භාර ආචාරිණී දමයන්ති කරුණාරත්න මහත්මිය දරුවන් පුහුණු කළ අතර විදුහලේ නර්තන අචාර්යවරුන් වන සමන් පලිහක්කාර මහතා සහ නිල්මිණි වේවැල්වල මහත්මියගේ ද පූර්ණ දායකත්වය ඒ සඳහා ලැබී ඇත.

දරුවන් මේ සඳහා වසරක පමණ කාලයක සිට පුහුණු වීම් සිදුකළ බව දමයන්ති කරුණාරත්න මහත්මිය සඳහන් කළාය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්ය අංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ මහීපාල උක්වත්ත මහතා සහ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ නාලක සංජීව මහතාගේ අධීක්ෂණය සහ උපදෙස් යටතේ මෙම කටයුත්ත සංවිධානය කර තිබුණි.

උඩරට කීර්තිමත් කලාකරුවකු වන තිත්ත පජ්ජල සුමනවීර ශිල්පියා ඇතුළු කණ්ඩායම හිසවෙස් තැබීමේ උත්සවය සඳහා සම්පත් දායකතත්වය ලබාදුන්හ.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එස්.ටී.චන්ද්‍රාවතී මහත්මිය ද විශේෂ ආරාධිත අමුත්තා ලෙස දකුණු පළාත් සෞන්දර්ය අධ්‍යක්ෂිකා භාග්‍යා මලල්ගොඩ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

 

 



අදහස් (6)

මහින්ද විද්‍යාලයේ සිසුහු 42 ක් වෙස් පළඳිති

Nandalal DE SILVA - France Wednesday, 11 March 2020 04:13 PM

මෙවැනි දෙයක් මා මීට පෙර දැකලාම නැහැ..! ගාල්ල මහින්ද විදුහලේ ආදි සිසුවෙක් හැටියට මේ ලස්සන උත්සවය "ලංකාදීපය" මගින් දැකබලා ගැනීමට අවස්ථාව ලබාදීම ගැන මා "ලංකාදීපයට" තුති පුදමි. මේ දරුවන්ට අනාගතයේදී ලෝකප්‍රකට නර්තන ශිල්පීන් හැටියට බොහෝ දුරක් යාමට මග පෙන්වාදුන් මහින්ද විදුහල් මෑණියන් ආඩම්බර වෙනවා නියතයි...!!!

:       0       12

Senarath Thursday, 12 March 2020 04:09 AM

ගොඩක් දෙමව්පියෝ කරන්නේ බාහිර වැඩ නවත්තලා අධ්‍යාපනයට දරුවන් යොමු කිරීම මගින් උසස් ප්‍රතිපල ලබාගෙන හොඳ රැකියාවක් කිරීම පමණයි.

:       3       27

Raveendra Thursday, 12 March 2020 05:38 AM

හරිම ලස්සනයි ...සුබපැතුම් දරුවනේ...!!

:       0       43

isurandi Thursday, 12 March 2020 05:47 AM

මගේ දරුවෝ දෙන්නත් ගිය අවුරුද්දේ වෙස් තිබ්බා . මේ සදහා හැමෝම පුදුම කැප කිරීමක් කළා. ඉදිරියටත් ඒවා ආරක්ෂා කරගන්න තවත් කැපකිරීම් කරන්න ඕනේ.

:       0       53

පිටිගල මිලානෝ Friday, 13 March 2020 11:02 AM

මෙච්චර භයානක ලෙඩක් ගෙයි එළිපත්ත උඩට ඇවිල්ලා තියෙන වෙලාවේ මේවා කරන්නේ ඇයි? මෙච්චර පිරිසක් ඒකරාශි වෙන්න හොඳ නැහැ. මේ වගේ වෙලාවක... ඉතාලියට වුණෙත් මේ ටිකමයි. ලෙඩේ රටේ ව්‍යාප්ත වෙද්දීත් ඉතාලි කාරයින් බාර්වලට එකතුවෙලා වෙනදා වගේම කතා කරකර හිටියා. දැන් කට්ටියක් ඉස්පිරිතාලේ නාකි ටික දිව්‍යලෝකේ. මෙතන ඉන්න අයටත් ඔහොම ගියොත් ළඟදීම ඔය සෙතේම තමයි...

:       41       0

isurandiSunday, 15 March 2020 07:56 AM

මිලානෝ තවම අපේ රට පුණ්‍ය භූමියක්. මේවැනි කටයුතු දෙවියන්ට බාරහාර වීමෙන් කරන පුණ්‍ය කටයුතු . හිතේ ශ්‍රද්ධාවක් නැති වත්පිළිවෙත් අනුගමනය කරන්න බැරි අයට කොරෝනා නෙමෙයි මොන වසංගතයක් ආවත් පලදෙනවානම් පළදෙනවා. ඔබතුමා භය වෙන්න එපා. කඩවර දෙවියෝ මෙයට සහාභාගී වෙච්ච දෙමාපිය දරු පිරිස ආරක්ෂා කර ගනීවි. කෙනෙකු තම අධ්‍යාත්මය වැඩි දියුණු කරගත්තොත් එන ඕනෑම කරදරක්ම/වසංගතයක් ජයගත හැකියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 191 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 59 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 752 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site