තමන්ගේ පවුල වෙනුවෙන් බලය අල්ලාගෙන නොසිට අගමැතිධුරයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉවත් විය යුතුයැයි සමගි ජනබලවේගයේ මාධ්‍ය ප්‍රකාශක මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි. අද පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
මේ ආණ්ඩුව 2/3 බලය තියාගෙන තමයි පහුගිය අවුරුදු දෙකක කාලයක් තිස්සේ රටට අහිතකර තීරණ ඔක්කොම ගත්තේ, රට අගාධයට දැම්මේ ජනතාව කබලෙන් ලිපට දැම්මේ. ඒ නිසා තමයි ජනතාවගේ පීඩනය එළියට ඇවිල්ලා අද රාජපක්ෂලා සියල්ලන්ටම ගෝඨාභාය රාජපක්ෂ වගේම මහින්ද රාජපක්ෂටත් ගෙදර යන්න කියලා ඔවුන්ට ඡන්දය දුන්න ජනතාවත් නොදුන්න ජනතාවත් දෙගොල්ලොම කියන්නේ. ඒ නිසා අද මේ ආණ්ඩුවට 2/3 ක් නැතිවෙලා විතරක් නෙවෙයි 113 ත් අහිමිවෙලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන මහින්ද රාජපක්ෂ අගමැතිතුමා අනිවාර්යයෙන්ම දැන් අයින් වෙන්න ඕනි. එතුමා හිතනවා නම් දැන් එතුමා අයින්වෙන්නේ නැතුව බලෙන් අල්ලන් ඉන්නවා කියලා එතුමාව කුණුකූඩයට ජනතාව දාන එක නවත්වන්න බෑ.
අපි පැහැදිලිව මහින්ද රාජපක්ෂ මහත්තයට කියනන්න කැමතියි. ගෝඨාභය රාජපක්ෂ යන්න ඕනි. ඊට කලින් පාර්ලිමේන්තුවේ 113 නැතිවෙලා තියන වෙලාවෙ ඔබතුමා මේ පුටුවෙන් අයින් වෙන්න ඕනි. ඒ එක්කම ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න ඔින. ළාමක ටින්ටින් කැබිනට් මණ්ඩලයට මේ රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමේ කිසිම හැකියාවක් නෑ. ඒ නිසා ජනවරමට ගරු කරනවනම් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා නම් 2/3 ක විතරක් නෙවෙයි 113 ත් අහිමිවෙලා තියන වෙලාවේ මහින්ද මහත්තයා පවුල වෙනුවෙන් බලය අල්ලන් ඉන්නේ නැතුව මේකෙන් අයින් වෙන්න ඕනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි රට බල්ලට ගියත් මේ අයට ඡන්දෙ දෙන්නේ නම් නැත.