(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභාවේ විශේෂ රැස්වීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ මහතාගේ කොළඹ පිහිටි නිල නිවෙසේ දී හෙට ( 27) උදේ 10.00 ට පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජිතයින් සහ ජනාධිපති අතර පැවති සාකච්ඡාවේ ප්‍රතිඵල පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.
ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජිතයන් අතර එම සාකච්ඡාව පැවැත්වුණේ ඉකුත් සතියේදීය.
කෙසේ වෙතත් එම සාකච්ඡාවේදී ජනාධිපති අපේක්ෂකයා සහ මුලින් පැවැත්වෙන මැතිවරණය සම්බන්ධයෙන් අවසාන තීරණයකට පැමිණීමට නොහැකිවිය.
මීට අමතරව පක්ෂය වෙනුවෙන් කමිටු කිහිපයක් පිහිටුවීමද අද රැස්වීමේදී කෙරෙනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මයිනන්ට බයියන් තාම බයයි වගේ...!
ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර මහමැතිවරණය පැවැත්වීමට කාලයක් නැතුව තියෙද්දී පොහොට්ටුවේ කෙනෙකුට හරි, පාර්ලිමේන්තුවේ අසුන් ගන්න අවස්ථාව සඳහා මහමැතිවරණය ඉල්ලනවා... ඒක බැරිවුනොත් මොකද කරන්නේ කියලා සාකච්ඡා කරන්න බලාගෙන ඔය රැස්වීම සංවිධානය කරන්න ඇති.. කොහොම හරි ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර මහ මැතිවරණය පැවැත්වීම කළොත් ගෝඨාභය කාලයේ තිබුණාට වඩා අගාධයකට වැටෙනවා...
රට විනාශ කරපු අමනයා
මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා!
වල් වහල් මෝඩ හැත්ත ඔබලාව විශ්වාස කළාට ඔබලාගේ හෘදශාක්ෂිය සහ දෙවියන් දන්නවා සත්‍ය... අනිවාර්යයෙන් කර්මය පඩිසන් දෙනවාමයි ඔබලාට. කළකළ දේ පලපල දේ...