IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මහින්ද ඝාතන තැතට හිටපු එස්.පී ඇතුළු 4කට අධිචෝදනා

(මනෝ ප්‍රිය ගුණසේකර)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට සූදානම් වූයේ යැයි චෝදනා කරමින්  හිටපු පොලිස් අධිකාරී ලක්ෂ්මන් කුරේ ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ  පවරා ඇති නඩුවේ අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා ඉදිරියේදී අද (13) භාර දුන්නේ ය

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ 2009 පෙබරවාරි මස 01 වනදා සහ එම මස 14 වනදා අතර කාලසීමාව තුළ කුරුණෑගල දී එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ ජන රැළියකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ජනාධිපතිවරයා ඝාතනය කිරීමට සූදානම් වු බවට නීතිපතිවරයා විසින් පොලිස් අධිකාරිවරයා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නගා ඇත.

මීට පෙර අවස්ථාවක අධිකරණයෙ නිකුත් කළ සිතාසි වලට අනුව අධිකරණයේ පෙනී සිටි විත්තිකරුවන්ට  අධිචෝදනා පත්‍ර භාර දුන් විනිසුරුවරයා ඔවුන්ගේ ඇඟිලි සලකුණු ලබා ගෙන ඒ පිළිබඳ වාර්තාවක් කැඳ වීමට පොලිසියට නියම කළේය.

2009 පෙබරවාරි මස 01 වනදා සහ එම මස 14 වනදා අතර කාලයෙ කුරුණෑගල දී එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ ජන රැළියකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ජනාධිපතිවරයා ඝාතනය කිරීමට සැලසුම් කළ බව විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නගා ඇත.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයින් වසර 13 කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත්ත කොට සිටින්නේ යැයි පැවසූහ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ සංශෝධිත ප්‍රතිපාදනවලට අනුව තම සේවාදායකයින් ටඇප නියම කිරීමට මහාධිකරණයට බලය ඇතැයිද වසර 13 කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතවී සිටීම සුවිශේෂී කරුණක් සේ සලකා ඔවුන් ඇප මත මුදා හරින්නැයි දේ ඉල්ලා සිටි  නීතිඥවරු ඔවුන්ට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා විත්තියේ නීතිඥවරු කළ ඉල්ලීමට තරයේ විරුද්ධත්වය දැක්වීය.

දෙපාර්ශවයේ කරුණු සල්වයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ඔක්තෝම්බර් 17 වැනිදාට කල් තැබූ විනිසුරුවරයා එදින මෙම නඩුව යළි කැඳවීමට නියම කළේය.



අදහස් (5)

මහින්ද ඝාතන තැතට හිටපු එස්.පී ඇතුළු 4කට අධිචෝදනා

Prabha Tuesday, 13 September 2022 10:35 PM

අපි නම් දන්නේ ඔය කවුරු කවුරුත් එකතුවෙලා ජෙයරාජ්වත් ඝාතනය කරන්න ඇතියි කියලා...

:       3       5

චතුරි Wednesday, 14 September 2022 02:40 AM

ජනතාව මෙතරම් කාල කන්නිද කියලා හිතෙනවා මෙය කියවනකොට.

:       3       1

පිටිගල මිලානෝ Wednesday, 14 September 2022 08:47 AM

මෙහි ප්‍රධානම විත්තිකරැවා වියයුත්කේ සුනඛ කටක් ඇති දේශපාලකයෙක් නේද? රනජන් ප්‍රසිද්ධියේ කිව්වේ….

:       1       3

Fairoos Wednesday, 14 September 2022 01:02 PM

එපා දෙන්ඩනම් එපා විත්තිකරු මැ‍රෙනකම් නඩු කියමු

:       2       2

BamunuarachchiWednesday, 14 September 2022 05:44 PM

ජීවත් වුණා ඇති කියලා සිතෙනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site