(නාලක සංජීව දහනායක)
කෘෂිකර්ම අමාත්‍ය ධූරයේ රාජකාරී කටයුතු කළ මහින්ද අමරවීර මහතා නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීමටත් පෙර අද (18) සිය රාජකාරී වාහන කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත බාරදෙනු ලැබීය.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පාලිත වීරකෝන් මහතා විසින් අමාත්‍යවරයාගේ නිල වාහනවල යතුරු බාරගත් අතර මෙතෙක් අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්යය මණ්ඩලය විසින් රාජකාරී කටයුතු සඳහා යොදාගත් සියලුම වාහන වහාම අමාත්‍යාංශය වෙත බාරදෙන ලෙසද මහින්ද අමරවීර මහතා විසින් නියෝග කරනු ලැබීය.
අමාත්‍යාංශ වලට අලුතින් පත්වන අමාත්‍යවරුන්ට සහ කාර්යය මණ්ඩලවලට කටයුතු පහසු කිරීම සඳහා තමන් මෙම පියවර ගත් බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි
පුදුමයි මේකටත් උත්සවයක් තිබුනේ නැති එක.
හොඳ වැඩක්
ජය වේවා
නිලයක් දැරුවානම් යනකොට ඒකට අයත් දේවල් ආපහු එම ආයතනයට දෙන්න ඕන.
මොහු හොද මිනිසෙක්
නිල වාහන මොකටද ? මෙතෙක් කලක් උපයපු වස්තුව තියෙද්දී .
අපේ අයට මේවා තේරෙන්නේ නැති හැටි. ඔවා මාර්කටින් කියලා අපේ අයට තවම තේරුම්ගන්න බැහැනේ. ඔවා පත්තර වල දන්න ඕනි දේවල්ද ?
කොහොමද නිල වාහනේ... BMW / Land Crusher.... කෘෂි කර්මයට වෙච්ච උන්නතිය?
මොන පක්ෂෙ වුණත් මේ රටේ අනාගත ජනාධිපති මෙයා තමයි. මම ඉන්දීය ජ්යෝතීඥයෙක්... අනිවාර්යයෙන් 2023 මෙයා ජනාධිපති ලකාවේ..
රටේ මිනිසුන්ට තුන්වේල කන්නට නැති වුණත්.., ඒ මිනිසුන්ගේ බදු මුදලින් නඩත්තුවෙන මේ අය පාවෙන වාහන තමයි ඔය... මේ අයට ඡන්දෙ දෙන අය තමයි මෝඩයින්... ලංකාවේ මිනිසුන්ට කවදා ඇස් අැරේවිද?