(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මිහින්තලා පුද බිමෙන් සියලුම ආරක්ෂක හමුදා අද සිට ඉවත් කර කර ගන්නා බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මිහින්තලේ පුදබිමේ හමුදාව තැබීම නිසා මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන්ගේ ජීවිතයට තර්ජනයක් වන බවට උන්වහන්සේ මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් මෙම තීරණය ගත් බවද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
සිවිල් ඇඳුමින් මිහින්තලා පුදබිමේ සිටින දෙදෙනෙකු ගැන එහිදී චෝදනා කර ඇතැයි කී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා එම නිලධාරීන් යෙදවූයේ ඔක්තෝම්බර් 7 වැනිදායින් පසු රටේ ආවේක්ෂණ කටයුතු සඳහා ආගමික ස්ථාන, සංචාරක ආරක්ෂාව සඳහාත් නිලධාරීන් යෙදවීමට රජය ගත් තීරණයකට අනුව බවද ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේය.
ඒ අනුව මිහින්තලා පුදබිමේ සිටි නාවික හමුදාවේ ද සිවිල් ආරක්ෂක බලකායේ සහ යුද හමුදාවේ භටයන් 252 අද සිට ඉවත් කරගන්නා බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා කීය.
මෙහිදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූයේ එම තීරණය ඉතා අමනෝඥ තීරණයක් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම වාහෙලා තමයි... මේ රටේ නායකත්වේ ඉන්නේ. ආරක්ෂාවට තර්ජනයක් කිව්වාම තියෙන එකත් අයින් කරනවා. ඔය ඔක්කෝම හාමුදුරුවන්ට විතරයි. වෙන ආගම්වල අය පොලිස්පති අයින් කරන්න කිව්වාම ඒවට මීක් නෑ...!
ආරක්ෂාව වැඩි කරගෙන තියාගන්න.. ඔයාලා හෙන වටින මිනිස්සු. මේ රටේ පන්සල් පල්ලි යන මිනිස්සුයි, ඒවායෙ පූජකයෝයි, බෝම්බ කාලා මැරුණාට කමක් නෑ. පල්ලි නොගිහින් පරිස්සමෙන් හිටහල්ලා...
කවුරු හරි මොකක් කිව්වොත් කරන වැඩවල කිසිම ප්‍රමිතියකින් නැහැ.. ඒත් පස්වෙනි සිල්පදය කැඩීමට පහසුවට ඉහළම ප්‍රමිතියකින් කටයුතු කරන්න ඊයේ සිට පටන්ගෙන තියෙනවා...
ඒ සොල්දාදුවෝ ටික අභයාරාමයටයි, සුනේත්‍රාදේවි පිරිවෙණටයි යවපන් මයේ පුතේ...
සම්බුද්ධ ශාසනයට ආරක්ෂාව දෙන්න බැරිනම්, මිහින්තලා පුදබිමෙහි භික්ෂූන් වහන්සේලාට ආරක්ෂාව දෙන්න බැරි නම්, එවැනි රජයක් ලංකා භූමියට අවශ්‍ය නැත. එවැනි ආණ්ඩු පාලනයෙන් ඉවත් වී ගෙදර යා යුතුයි. ජනාධිපතිවරයා රටේ සේනාධිනායකයා වශයෙන් කටයුතු කරන බැවින් ජනාධිපතිවරයාගේ වගකීම, රටට මෙන්න සම්බුදු සසුනට රැකවරණය සැලසීමය. සම්බුද්ධ ශාසනයට රැකවරණය සැළසීමට නොහැකි නම් එවැනි ජනාධිපතිවරයෙක් මේ රටට වැඩක් නැත. සම්බුදු සසුන රැකීමට බැරිනම් ජනාධිපතිවරයා තම ධුරයෙන් ඉවත් වී යා යුතුයි. ලංකාද්වීපයේ ජීවය සම්බුදු සසුන බැවින් එයට ගරු නොකරන කිසිවෙකු ලංකා රාජ්‍ය පාලනය හැසිරවීමට හිමිකම් නැත. සම්බුදු සසුන නොතකා ලංකා භූමිය පාලනය කළ, හිරු නොබසින අධිරාජ්‍යයට ද හිරුබසින තැනට පත් වූ බව අමතක නොකළ යුතුයි..!
මේ සේරම බෞද්ධාගමටම තමයි කෙළවන්නේ... තව ටික කාලයයි. තැටිය රත්වෙනවා. බලාගනිල්ලා ඔය කාලකණ්නි දේශපාලකයින්ට වෙන දේ...!
මේ රටේ කිසිම පන්සලකට ආරක්ෂාව පිළිබඳ කිසිම තර්ජනයක් නැහැ. පෙබරුන් කරන්නේ ඔතන ආරක්ෂක රාජකාරියක් නෙමෙයි... හාමුදුරුවන්ගේ පුද්ගලික ආවතේව. එක සෙබළෙකුගේ සාමාන්‍ය වැටුප රුපියල් 75000 පමණ. එතකොට මාසෙකට දාන හදලා බලන්න. මේ සියල්ල ජනතාවගේ බදු මුදල්. හමුදාව ඉවත් කිරීම ඉතාම නිවැරැදි පියවරක්. මිහින්තලාවෙන් විතරක් නෙමෙයි, සියලු ආගමික ස්ථානවලින් සියලු හමුදා පුද්ගලයින් ඉවත්විය යුතුයි...