(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මිහින්තලේ රජ මහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගෙන් රුපියල් කෝටියක මුදලක් කප්පම් වශයෙන් ඉල්ලා තර්ජනය කළ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර මූලස්ථාන පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.
පහුගිය පලවෙනිදා වට්ස්ඇප් ඔස්සේ ඇමතුමක් ලබා ගත් පුද්ගලයකු විහාරාධිපති හිමියන්ගේ වීඩියෝ පටයක් හා හඬපටයක් තමා සතුව ඇති බවත් එය මුහුණු පොත මගින් ප්‍රසිද්ධ කිරීමෙන් වැලකී සිටීමට නම්රුපියල් කෝටියක මුදලක් ලබාදෙන ලෙස ඉල්ලා සිටි බව සඳහන් කරමින් විහාරාධිපති හිමියන් පැමිණිල්ලක් කළ බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට ඊයේ 6 වැනිදා පැවසීය.
විහාරාධිපති හිමියන්ගේ යැයි පැවසෙන හඬ පටයක් හා වීඩියෝ පටයක් අනුරාධපුර ප්‍රදේශයේ හෝටලයක් පවත්වාගෙන යන අයකුගේ නමින් ඇති මුහුණු පොතේ පළ කර පසුගිය දෙවැනි දා ඒවා ඉවත් කර ගෙන ඇති බව ද විහාරාධිපති හිමියන් කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි පොලිසිය කියයි.
කාන්තාවකගේ නමින් පවත්වාගෙන යන මුහුණු පොතේ මෙම හඬ පටය හා වීඩියෝව මේ වන විට පළ කර ඇති බව ද විහාරාධිපති හිමියන් කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව පොලිස්ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් දැන ගැනීමට ඇත.
එම කාන්තාවගේ නම ද විහාරාධිපති හිමියන් පැමිණිල්ලේ සඳහන් කර ඇත.
හෝටලයක් පවත්වාගෙන යන පුද්ගලයා සහ මෙම කාන්තාව ගැන ද පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිහින්තලේ නා හිමිගෙන් කෝටියක කප්පම් ඉල්ලලා