(රෝෂන් තුෂාර)
මන්නාරම මහාධිකරණ විනිසුරුවරයාට එරෙහිව කොළඹ මඩ පෝස්ටරයක් මුද්‍රණය කර කොළඹ ප්‍රදේශයේ ඇලවූයේ යැයි කියන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ මහතා (18)නියෝග කළේය.
මාතලේ පදිංචි ඉශාන් ගුණසේකර, ඇරැව්වල පදිංචි ක්‍රිශාන් නාලක , මඩපාත පදිංචි මනෝජ් මධුශංක, කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වන ලක්මාල් වික්‍රමසිංහ , කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධාරියකු වන එස්. බී.එච්. එම්.මධුශංක , සහ කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන තිලංග දක්ෂිත සුමතිපාල සහ මුද්‍රණනාලය හිමිකරු වන දසුන් තරංග බණ්ඩාර යන සැකකරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd