(මනෝප්‍රිය ගුණසේකර)
මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනකු අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස උසස් කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිව ඇත.
කොළඹ මහාධිකරණය් ප්‍රධාන විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ ආදිත්‍ය පටබැඳිගේ මහතා සහ කොළඹ සිවිල් අභයාචන මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ ෆෑන්ක් ගුණවර්ධන මහතා අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස උසස් කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිව ඇත.
අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මියගේ නිර්දේශ මත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මහාධිකරණ විනිසුරුවරුන් වන ආදිත්‍ය පටබැඳිගේ සහ ෆෑන්ක් ගුණවර්ධන මහත්වරුන් අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස උසස් කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාවට යොමු කර ඇත.
කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වු ව්‍යවස්ථාදායක සභාව විසින් ආදිත්‍ය පටබැඳිගේ සහ ෆෑන්ක් ගුණවර්ධන මහත්වරුන් අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස උසස් කිරීමට නිර්දේශ කර ඇත.
අභියාචනාධිකරණයේ පුරප්පාඩුව ඇති විනිසුරු ධුරයන් සඳහා ආදිත්‍ය පටබැඳිගේ සහ ෆෑන්ක් ගුණවර්ධන මහත්වරු මෙලෙස අභිනව අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කර ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මහාධිකරණ විනිසුුරු දෙදෙනෙක්ට උසස් වීම්