IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මුහුද යට කාමරයේ රැයක් ගත කරන ආරාධනය මහින්ද්‍රා සභාපති බෑ කියයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ලොව ප්‍රථම දිය යට හෝටලයේ කාමරයක රැයක් ගත කිරීමට එම හෝටලයෙන් ලැබුණු ආරාධනාව තමන් ප්‍රතික්ෂේප කළ බව ඉන්දියාවේ මහින්ද්‍රා ව්‍යාපාර සමූහයේ සභාපති ආනන්ද් මහින්ද්‍රා මහතා ප්‍රකාශ කළේය.

එම හෝටලයේ රැයක් ගත කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් 50000 (ශ්‍රී ලංකා රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් පමණ)ක මුදලක් වැය වේ.

දියයට හෝටල් කාමරයක රැයක් නවාතැන් ගතහොත් නිසැකවම එම කාමරයේ වීදුරුවල කඩතොලු තිබේ දැයි පරික්ෂා කරමින් තමන් මුළු රැයම ගත කරනු ඇති බවත් ඒ හේතුවෙන් තමාට ලැබුණු ආරාධනාව ප්‍රතික්ෂේප කළ බවත් හෝටලය පිළිබඳ වීඩියෝවක් පසුගිය 12 වැනිදා සිය එක්ස් ගිණුමේ (ට්විටර්) පළ කරමින් මහින්ද්‍රා මහතා පෙන්වා දී ඇත.

මුහුදු මට්ටමේ සිට අඩි 16 ක් පහළින් කාමර නිර්මාණය කර තිබෙන ලොව ප්‍රථම දිය යට කාමර සහිත හෝටලය වන මාලදිවයිනේ මුරාකා 2018 වසරේ ඉදිකර ඇත.

මුරාකා හෝටලයේ දිය යට හෝටල් කාමරයක් විවේකීව සති අන්තයක් ගත කිරීමට සුදුසුම ස්ථානයක් ලෙස හැඳින්විය හැකි නමුත් තමාට මෙම හෝටල් කාමරයක රැයක් ගත කිරීම ඉතාමත් අවිවේකි වනු ඇතැයි මහින්ද්‍රා මහතා පවසා ඇත.තමන් දියයට හෝටල් කාමරයක රැයක් ගත කිරීමට ගියහොත් මුළු රැයම එහි වීදුරුවල කඩතොලු තිබේදැයි පරික්ෂා කරමින් ගත කිරීම හේතුවෙන් විනාඩි 5 ක හෝ සුවපහසු නින්දක් ලබා ගැනීමට නොහැකි වනු ඇතැයි මහින්ද්‍රා මහතා ප්‍රකාශ කර තිබේ.



අදහස් (7)

මුහුද යට කාමරයේ රැයක් ගත කරන ආරාධනය මහින්ද්‍රා සභාපති බෑ කියයි

Sampath Monday, 14 August 2023 09:36 PM

ටයිටැනික් බල්ලන්න ගිය අය මතක් වෙන්න ඇති. මොනව උනත් මොලේ කල්පනා කරල වැඩ කරල තියෙනව

:       0       9

Bamunuarachchi Tuesday, 15 August 2023 12:56 AM

මෑන් දන්නවා ටයිටැනික් බලන්න ගිය පාකිස්තාන් කෝටිපතියාට ලැබුණු සන්තෑසිය...

:       2       9

Anura Jayasinghe Tuesday, 15 August 2023 08:12 AM

මහින්ද්‍රා සමාගම් සභාපතිගේ ප්‍රකාශයට මාද 500% එකඟය.

:       1       11

de silva Tuesday, 15 August 2023 12:05 PM

ඉතා බුද්ධිමත් තීරණයක්

:       1       51

pakeer Tuesday, 15 August 2023 01:25 PM

මොලේ තියෙන උගත් මනුස්සයෙක්... ඒක නිසානේ ඒ මනුස්සයා බිලියන කෙනෙක් වුණේ..

:       0       12

prasanna Tuesday, 15 August 2023 02:10 PM

ඕකත් අර ටයිටන් වගේ මාරකයක්

:       0       29

lahiru Thursday, 17 August 2023 07:40 PM

බුද්ධිමත් තීරණයක්...

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site