
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කල්පිටිය මොහොත්තුවාරම දුපතේ පිහිටි ජන්ද මධ්‍යස්ථානය වෙත තම ජන්දය භාවිතා කිරීමට ජන්ද දායකයන් 21 උදෑසන සිට ධීවරය යාත්‍රා හා ට්‍රැක්ටර් මගින් පැමිනීම දැක ගත හැකිය.
ඒ අනුව මොහොත්තුවාරම දුපතේ පිහිටි ජන්ද මධ්‍යාස්ථානය වෙත පල්ලියවත්ත,බත්තලන්ගුන්ඩුව,උච්චමුනේ,කීරිමුන්දලම දූපත් වල ධීවරයෝ තම ජන්දය භාවිතා කිරීමට පැමිණියහ.
මොහොත්තුවාමර දුපතේ පිහිටි ජන්ද මධ්‍යස්ථානයෙ මෙවර ජන්ද 904 ක් ලියාපදිංචි වි සිටින අතර එහ පිරිස මෙසේ ජන්දය භාවිතා කිරීමට පැමිනිම දැක ගත හැකි විණි.
මෙසේ තම ධීවර යාත්‍රාවලින් පැමිණේන ධිවරයන් පවසා සිටියෙ තම ජන්දය භාවිතා කිරීමට රුපියල් 5000 ත් 8000 ත් අතර ඉන්ධන වියදමක් දැරිමට සිදුවන බවයි.
එසේ නමුත් එම වියදම කෙසේ හෝ දරා ගනිමින් තම ජන්දය භාවිතා කිරීමට මහත් උවමනාවෙන් පැමිනි බව ජන්ද දායකයින් පවසන්නට විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd