IMG-LOGO

මුහුණු පොතින් හඳුනාගෙන තරුණියන් අමාරුවේ දාලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මුහුණු පොතෙන්වරින් වර හඳුනා ගත් තරුණියන් සැලකිය යුතු සංඛ්‍යාවක් සමග ප්‍රේම සම්බන්ධතා ගොඩනඟා ගෙන එම තරුණියන් හෝටල්වලට කැඳවාගෙන පැමිණ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගෙන පසුව ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගත්තේ යැයි කියන අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයකු පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා 24 සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි  තරුණයෙකි.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු පරිහරණය කරන නවීන පන්නයේ ජංගම දුරකථනයද පොලිස් භාරයට ගනු ලැබීය.

පොලිස් භාරයට ගත් මෙම ජංගම දුරකථනය පරීක්ෂාකර බැලීමේදී තරුණියන් සැලකිය යුතු සංඛ්‍යාවක ගේ නිරුවත් ඡායාරූප සහ නිරුවත් වීඩියෝ දර්ශන අඩංගුව තිබියදී සොයා ගැනීමට හැකි විණි යැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

 



අදහස් (2)

මුහුණු පොතින් හඳුනාගෙන තරුණියන් අමාරුවේ දාලා

පැරකුම් Monday, 26 June 2023 02:24 AM

කෙල්ලො වනචරකම් කරල ඇයි ඉතිං මේ කොල්ල විතරක් අමාරුවෙ දාන්නෙ?

:       1       7

ජයශ්‍රී Monday, 26 June 2023 01:47 PM

ඉතිං ඒ කෙල්ලන්වත් අත්අඩංගුවට ගන්න ඕන නේද? කොල්ලා තනියම නෙවෙයි නේද ඒවා කරලා තියෙන්නනෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 519 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 697 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 283 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site