(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ව්‍යාජ ෆේස්බුක් ගිනුමක් නිර්මාණය කර කුඩා දැරියන්ගේ ඡායාරූප අවභාවිතා කර හිංසනයට ලක් කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ,පරිගණක අපරාධ කොට්ඨාසය, සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු ගිණුම් ලිපිකරුවකු වශයෙන් සේවය කරන 40 හැවිරිදි එක් දරු පියෙකි.
පුහුණු පොතක පළකර තිබූ තම කුඩා දියණිය ගේ ඡායාරූපයක් ව්‍යාජ ෆේස්බුක් පිටුවක පළ කර සම්මතයට නොගැලපෙන විවිධ වාක්‍ය සහ පරුෂ වචන ඇතුළත් විවිධ වාක්‍ය යොදා අන්තර්ජාලයට යොමු කර ඇති බවට පියකු කරන ලද පැමිණිල්ලක් කර තිබූ බව පොලිසිය කියයි.
ඒ අනුව සිදුකළ මූලික විමර්ශනවලදී සැකකරු ඒ ආකාරයෙන් කුඩා දැරියන්ගේ ඡායාරූප ව්‍යාජ ෆේස්බුක් ගිණුමට යොදා දැරියන් වෙනුවෙන් ලබාදෙන ලංසුව කියද ? ආදී වශයෙන් පහත් අදහස් ඇතුළත් වැකි යොදා තිබූ බව පොලිසිය කියයි.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අධිකාරි ලකී රන්දෙණිය මහතාගේ උපදෙස් මත සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බි. වි .අයි. ගයශ්‍රී මහතාගේ මූලිකත්වයෙන් අන්තර්ජාතික තොරතුරු හුවමාරු ක්‍රමවේදය ඔස්සේ අන්තර්ජාලයෙන් ලබාගත් තොරතුරු හා ව්‍යාජ ෆේස්බුක් ගිනුමක් ආරම්භ කිරීම සඳහා භාවිතා කරන ලද අයි පි තොරතුරු මෙන්ම දුරකථන වාර්තා නම් කරගෙන සිදුකරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මුහුණු පොතේ දරුවන්ට කැත වැඩක් කළ ලිපිකරුවෙක් මාට්ටු
Chamila Fernando Wednesday, 10 May 2023 06:15 PM
නියමයි. නීතිය හරියටම ක්‍රියාත්මක කරන්න.. නීතිය හරියටම ජනතාවට පහදලා දෙන්න.
C.K.Lankaputhra Wednesday, 10 May 2023 08:17 PM
ලොකු මිනිසුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න පොලිසියට බැරි නිසා අඩුතරමින් පොඩි මිනිසුන්ට විරුද්ධව හරි නීතිය ක්‍රියාත්මක කරන එක හොඳයි...