(විනීතා එම් ගමගේ)
රට භයානක තත්ත්වයකට ඇදෙමින් පවතින බැවින් රට සම්පූර්ණ අගුළු දැමීමක් හෝ සංචාරක සීමාවන් පැනවීමක් කරන්නැයි තම සංගමය කරන ඉල්ලීම කෙරෙහි බලධාරින් තවමත් අවධානය යොමු කර නැතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය කියයි.
තම සංගමය මෙම ඉල්ලීම දිගින් දිගටම කරමින් සිටින්නේ යැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ලංකාදීපයට පැවැසීය.
කොවිඞ් 19 වයිරසය වැළඳුණු රෝගීන්ගේ සංඛ්‍යාව දිනෙන් දින වැඩිවෙමින් පවතින බැවින් රෝගීන් ප‍්‍රතිකාර මධ්‍යස්ථානවලට ගෙන යාම ප‍්‍රමාද වීම් තව දුරටත් සිදුවන බව ද හෙතෙම කියා සිටියේය.
මෙසේ රෝගීන් රෝහල් සොයා ගෙන යාමේ දී ප‍්‍රමාද වීම හේතුවෙන් ඔවුන්ට වැඩි කාලයක් නිවෙස්වල රැු`දී සිටින්නට සිදුවන බවත් මේ හේතුවෙන් මරණ සංඛ්‍යාව වැඩි වීමට ඉඩකඩ ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක් සම්පූර්ණයෙන් වහලා දාපුවාම රටට ආදායමක්, නිෂ්පාදනයක් කෝ? අඩුම තරමින් ලෙඩෙකුට දෙන්න බෙහෙත් පෙත්තක් ගන්න සල්ලි කෝ? රටකට වසංගතයක් ආපුවාම ඒක නිසි කළමනාකරණයකට ලක්කර රට දුවවනවා විනා.., රටම වහල දාන්න නම් මේ වගේ PHIලා මහජන මුදලින් නඩත්තු කරන්නේ අහවල් කාරණාවකටද? පොලිසිය, හමුදාව විතරක් තියාගෙන රට වහන්න තිබුණානේ...