IMG-LOGO

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා


මහජන බැංකුවට රු.බි. 9.4 ඒකාබද්ධ බදු පෙර ලාබයක්

 

මහජන බැංකුව, 2023 වසරේ ජූනි 30 න් අවසන් වූ වර්ෂයේ ප්‍රථම අර්ධය සඳහා සමස්ත ඒකාබද්ධ මෙහෙයුම් ආදායම සහ බදු පෙර ලාබය පිළිවෙලින් රුපියල් බිලියන 48.2 ක් සහ රුපියල් බිලියන 9.4 ක් ලෙස වාර්තා කර ඇති බව නිවේදනය කර තිබේ. (2022 වසරේ ප්‍රථම අර්ධයේ දී  සමස්ත ඒකාබද්ධ මෙහෙයුම් ආදායම සහ බදු පෙර ලාබය පිළිවෙලින් රුපියල් බිලියන 80.7 සහ රුපියල් බිලියන 15.2 වූ බවද එම නිවේදනයේ සඳහන්ය.

ඉහළ පොලී පිරිවැය හේතුවෙන් මහජන බැංකුවේ කාලීන තැන්පතු අරමුදල් ආශ්‍රිත පිරිවැය ඉහළ යාම නිසා 2022 වර්ෂයට සාපේක්ෂව 2023 ප්‍රථම අර්ධය තුළ වාර්තා වූ ඒකාබද්ධ ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 31.4 දක්වා පහත වැටුණි. එහි දී වාර්තා වූ ඒකාබද්ධ ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම රුපියල් බිලියන 7.9 ක් වූ අතර, එය 2022 අදාළ කාල සීමාවට සාපේක්ෂව එක් වරක් පමණක් බලපාන අයිතමයන් හැරුණු කොට සියයට 6.0 කට ආසන්න වර්ධනයකි.

2022 වසරේ ප්‍රථම අර්ධයේ අවසාන භාගයේ දී අධික උද්ධමනය නිසා ඇති වූ පිරිවැය ඉහළ යාම හේතුවෙන් ඒකාබද්ධ සමස්ත මෙහෙයුම් වියදම් සියයට12.98 කින් ඉහළ ගිය අතර, එහි අගය රුපියල් බිලියන 30.2කි. (2022 ප්‍රථම අර්ධයේ රුපියල් බිලියන 26.7). මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් ආයතනවලට සාපේක්ෂව මෙම අගයන් සංසන්දනය කරන විට, පිරිවැය පාලනය කිරීම සඳහා මහජන බැංකු සමූහයේ කැප වී ඇති බව පෙනේ.

සමස්ත ඒකාබද්ධ ගනුදෙනුකාර තැන්පතු රුපියල් බිලියන 2,565.4 දක්වා වර්ධනය වූ අතර, එය සියයට 4.7 ක ප්‍රතිශතයකි. එමෙන්ම ඒකාබද්ධ ශුද්ධ ණය සියයට6.7 කින් පහත වැටුණු අතර, එහි අගය රුපියල් බිලියන 1,788.0 කි. මෙය මූලික වශයෙන් මහජන බැංකුවේ විදේශ මුදල් ආශ්‍රිත ණය සඳහා රුපියලේ අගය ඉහළ යාමේ බලපෑම පිළිබිඹු කළ අතර, ණය වර්ධනයේ දී බැංකුව සහ සමූහය යන දෙකම අනුගමනය කළ 'පූර්ව ආරක්ෂක ක්‍රමවේදවල සාර්ථකත්වය ද පෙන්නුම් කරයි. ඒ අනුව 2023 වසරේ ප්‍රථම අර්ධය අවසානයේ මහජන බැංකුව වාර්තා කළ මුළු ඒකාබද්ධ වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 3,047.5 ක් ලෙස වාර්තා විය. (2022 ප්‍රථම අර්ධය අවසානයේ : රුපියල් බිලියන 3,133.1 කි).

2023 ජූනි 30 දිනෙන් අවසන් වූ වසරේ ප්‍රථම අර්ධය තුළ මහජන බැංකුව වාර්තා කළ පළමු පෙළ සහ මුළු ප්‍රාග්ධන ප්‍රමාණත්මතා අනුපාත පිළිවෙලින් සියයට11.7 සහ සියයට15.9 කි.

බැංකු ක්ෂේත්‍රයේ අවදානම අඩු කිරීම වෙනුවෙන් හඳුන්වා දී ඇති ජාත්‍යන්තර නියාමන ගිවිසුමක් වන බාසල් 111 ක්‍රියාත්මක කිරීම 2017 ජූලි 1 වැනි දින සිට ආරම්භ කිරීමත් සමඟ මහජන බැංකුවේ ණය ආපසු ගෙවීමේ හැකියාව ඉතා ප්‍රශස්ත මට්ටමක පවතින අතර, මහජන බැංකුවේ නියාමන ප්‍රාග්ධනය ඉහළ නැංවීමේ අනෙකුත් වැඩසටහන් ද වර්තමානය වන විට සාර්ථක ව ක්‍රියාත්මක වෙමින් පවතී. මීට අමතරව, අදාළ කාල සීමාව තුළ මහජන බැංකුව, සිය සියලු මූලික නියාමන ක්‍රියාමාර්ග සාර්ථකව සපුරා ඇත.

මහජන බැංකුව සහ සමූහය වාර්තා කළ ප්‍රතිඵල 'පිළිබඳ ව අදහස් දැක්වූ එහි සභාපති සුජීව රාජපක්ෂ මහතා  මෙසේ පැවසීය. සංකීර්ණ අභියෝග රැසක් සහ ඉතා වේගයෙන් වෙනස් වන සාර්ව ආර්ථික පරිසරයක් මධ්‍යයේ මහජන බැංකුව වාර්තා කළ ප්‍රතිඵල පිළිබඳව අපි සතුටට පත්වෙනවා. වර්තමානය වන විට උද්ගත වී ඇති බොහෝ සීමාකාරී සාධක නොතකමින්, 'අපගේ ව්‍යාපාරික 'අංශ ශක්තිමත් කිරීම වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රතිලාභ අපි අත්විඳිමින් සිටිනවා. අනාගතය දෙස බලන විට, ධනාත්මක ඉදිරි ගමනක ලකුණු පෙන්නුම් කරන අතර, ආර්ථිකයේ තීරණාත්මක ක්ෂේත්‍ර වර්ධනය කිරීම වෙනුවෙන් මහජන බැංකුව අඛණ්ඩව රජයට සහයෝගය ලබා දෙන බවත් අවධාරණය කිරීමට කැමතියි. මූල්‍ය සේවා ප්‍රවර්ධනය කිරීම වෙත 'ප්‍රමුඛතාව ලබා දෙමින් ක්‍රියාත්මක වන මහජන බැංකුව විශේෂයෙන් අඩු පහසුකම් සහිත ප්‍රදේශවල ජනතාව වෙත නව්‍ය මූල්‍ය සේවා සහ ඩිජිටල් සේවා ගෙන යාමට මූලික අවධානය යොමු කරනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන මහජන බැංකුව, රුපියල් ට්‍රිලියන 3කට අධික ඒකාබද්ධ වත්කම්වලට සහ රුපියල් ට්‍රිලියන 2.5ක ඒකාබද්ධ තැන්පතුවලට හිමිකම් කියන අතර, දිවයින පුරා විශාලතම ශාඛා සහ සේවා මධ්‍යස්ථාන 747ක ජාලය සමඟින් මිලියන 14.7 කට අධික ගනුදෙනුකරුවන් පිරිසකට සේවය සපයයි.

595

ඡායා - මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි, සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා



අදහස් (0)

මහජන බැංකුවට රු.බි. 9.4 ඒකාබද්ධ බදු පෙර ලාබයක්

ඔබේ අදහස් එවන්න

දියත

මිස් යුනිවර්ස් වෙන්න වරම් ලැබූ 60 හැවිරිදි කත
2024 අප්‍රේල් මස 27 1032 0

ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් පළාතේ මිස් යුනිවර්ස් බියුටි පැජන්ට් තරඟාවලිය මෙම වසරේදී ජයග්‍රහණය කිරීමට හැට හැවිරිදි මරීසා රොඩ්‍රිගස්ට පසුගිය දා හැකි


නිලධාරි හිඟයෙන් විගණනය කොටඋඩ
2024 අප්‍රේල් මස 27 518 4

නිලධාරීන්ගේ උග්‍ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව ඇත.


අනුර කුමාරට ස්වීඩනයේදී උණුසුම් පිළිගැනීමක්
2024 අප්‍රේල් මස 27 2060 8

ස්වීඩනයේ සංචාරයක නිරත වී සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ස්ටොක්හෝම්හිදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ උණුසුම් අයුරින් පිළිගත්හ.


මහරගමිනුත් කුඩු හමුවේ
2024 අප්‍රේල් මස 27 1004 0

රුපියල් කෝටි දාසයක් වටිනා හෙරොයින් කිලෝ හතක් සමග පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය පවසයි.


ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ගුවන් යානයක්
2024 අප්‍රේල් මස 27 2374 2

ශ්‍රී ලංකාවෙි සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් ගුවන් යානයත් පරිත්‍යාග කිරීමට ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ (දකුණු සහ අග්නිදිග ආස


’’රනිල්ට ඉඩ දෙමු’’
2024 අප්‍රේල් මස 27 3234 22

’’රනිල්ට ඉඩ දෙමු,රට වටා යතුරු පැදි රැළිය’’ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අසලින් අද(27) පෙරවරුවේ ඇරැඹිණි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 356 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1753 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1585 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site