(අංජුල මහික වීරරත්න)
2022/23 මහ කන්නයේ දී මෙරට සමස්ත වී වගා බිම් ප්‍රමාණයෙන් සියයට 7ක කීරි සම්බා හෙවත් BG 360 වී ප්‍රභේදය වගා කරන ලද අතර එමගින් වී මෙට්‍රික් ටොන් 5000ක අස්වැන්නක් ලබා ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
මේ වනවිට වෙළෙඳපළේ කීරි සම්බා සහල් සහ සම්බා සහල් හිඟයක් ඇති නමුත් එම හිඟය වෙළෙන්දන් කෘත්‍රිමව නිර්මාණය කළ එකක් බවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.
2022/23 මහ කන්නයේ දී හෙක්ටෙයාර් ලක්ෂ 8ක වී වගා කළ අතර එම වර්ෂයේ සහල් මෙට්‍රික් ටොන් මිලියන 2.7ක අස්වැන්නක් ලබා ගෙන ඇතැයි ද සාමාන්‍යයෙන් රටේ වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 2.4ක් වන අතර ඒ අනූව සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක පමණ අතිරික්තයක් රටේ තිබිය යුතු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නේය.
එමෙන්ම BG 360 හෙවත් කීරි සම්බා වී ප්‍රභේදය අක්කර 175,000ක වගා කර තිබෙන අතර එමගින් ලැබූ අස්වැන්න මෙට්‍රික් ටොන් 5000ක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කීවත් ප්‍රශ්නය තිබෙන්නේ වී මිල සමගයි. පාලනයක් නොමැතිව වී මිල වැඩිවන අතර සහල් මිල පාලනයට යටත්ව ඇති බැවින් සහල් වෙළඳාම පාඩුවන තත්වයක් උද්ගත වී ඇත. සහල් වෙළෙඳුන් සහල් වෙළෙඳාම අත්හරිමින් සිටිති...!
රටතුළ අවශ්‍ය තරම් හැම භෝගයක්ම නිෂ්පාදනය වෙනවා. අතරමැදියන් ගොවියත් පාරිභෝගිකයත් දෙන්නාවම ගසාගෙන කනවා. නිෂ්පාදන රට පුරා බෙදා හැරෙන්නේ නෑ. මේවා හැදෙන්නේ නෑ කවදාවත්... මොකද දේශපාලකයින්ට ඒවා හදන්න වුවමනාවක් නෑ. එහෙම වුවමනාවක් තිබ්බත් කරන්න දෙන්නේ නෑ... පඹගාලක්...!