
(අංජුල මහික වීරරත්න)
ඕනෑම රටක ඇතිවන දේශපාලන, ආර්ථික හා සමාජ අර්බුදවලදී නිවැරදි අත්දැකීම් ඇති නායකයන් ඉදිරිපත් කරන අදහස් බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වන බව නියංගොඩ විජිතසිරි මල්වතු අනු නා හිමියෝ පැවසුහ.
රට අර්බුදයට පත් වූ අවස්ථාවේ නිර්භීතව රටේ වගකීම භාරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ හැකියාව, අත්දැකිම් සහ අවබෝධය තුළින් මේ රටේ පැවති පීඩාකාරී තත්ත්වය බොහෝ දුරට සමනය කර ඇති බව පෙන්වා දුන් අනු නා හිමියෝ දෙස් විදෙස් සියලු දෙනාගේ සහායෙන් රට ඉදිරියට ගෙන යාමට ජනාධිපතිවරයා මේ වන විට සමත් වී ඇති බවද සඳහන් කළහ.
මල්වතු අනු නාහිමියන් මේ බව පැවසූයේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආශිර්වාද පළ කරමින් ජනාධිපති නිල නිවසේ පැවති සෙත් පිරිත් සජ්ජායනාව ආරම්භ කිරීමට මත්තෙන් අනුශාසනාවක් කරමිනි.
ඓතිහසික මහනුවර දළදා මාළිගාව ප්‍රමුඛ මල්වතු අස්ගිරි මහා විහාර නියෝජනය කරමින් සහ කතරගම කිරිවෙහෙර, ශ්‍රී පාදස්ථානය, අනුරාධපුර අටමස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ස්වර්ණමාලි චෛත්‍යාරාමය, ලංකාරාමය ඇතුළු විහාරස්ථානයන්හි සහ මරදාන විද්‍යෝදය පරිවෙන ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ජනාධිපති නිල නිවස වෙත වැඩම කළ නායක ස්වාමින් වහ්නසේලා සෙත් පිරිත් සජ්ජයනා කර ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.
ඉත්තෑපානේ ධම්මාලංකාර කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නා හිමි පිරිස පංචශීලයේ පිහිටවනු ලැබූහ.
කොළඹ හුණුපිටිය ගංගාරාමාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි නා හිමියෝ ද මෙහිදී අදහස් දැක්වූහ.
සොලොස්මස්ථානාධිපති අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඩරුවේ උපාලි , ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න, ලංකාරාමාධිකාරි උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක රළපනාවේ ධම්මජෝති ,බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී ආචාර්ය බොරලැස්ගමුවේ පේමරතන, රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අකුරැටියේ නන්ද ,ස්වර්ණමාලි චෛත්‍යාරමාධිකාරී උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති ඊතලවැටුණුවැවේ ඤාණතිලක, අනුරාධපුර සම්බුද්ධ ජයන්ති විහාරාධිපති අස්ගිරි පාර්ශ්වයේ උතුරු - උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක නුගේතැන්නේ පඤ්ඤානන්ද, සම්බුද්ධාලෝක විහාරාධිපති මහෝපාධ්‍ය, මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසාර , කොළඹ හැව්ලොක් සිටි සාම විහාරය ඇතුළු විහාරගණයේ විහාරාධිපති අතපත්තු කන්දේ ආනන්ද , නාගදීප රජමහා විහාරාධිපති නවදගල පදුමකිත්ති තිස්ස , වැල්ලවත්ත යමුණා සදහම් ආශ්‍රමයේ විහරාධිපති අමරපුර මහා නිකායේ සබරගමුව පළාත් ප්‍රධාන සංඝනායක කැන්දගොල්ලේ පාලිත, පාදෙනිය පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති දේවමැදිහත්පත්තුවේ ප්‍රධාන අධිකාරණ සංඝනායක කටුමුළුවේ ශ්‍රී සුමනරත්න, පිරිවෙන් උපදේශක දොඩම්පහල රාහුල, මරදාන විද්‍යෝදය පරිවෙනාධිපති ආචාර්ය බලංගොඩ සොභිත, මිරිසවැටිය විහාරාධිකාරී වැලිහේනේ සෝභිත , නාරාහේන්පිට ඇලන් මැතිණියාරාමාධිපති උඩුවේ ධම්මාලෝක, කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද, ඓතිහාසික ඔලබොඩුව රජමහා විහාරාධිපති ඔලබොඩුව ධම්මික නායක හිමි, කොටහේනේ නාරද, ආචාර්ය ගැටහැත්තේ සෝභිත, බෝමළුව විහාරවාසී කහටගොල්ලෑවේ මේධංකර නා හිමි වරු ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක උන්නාන්සෙ කෙනෙක් කැමරාවට මූණ දෙන්නැතුව අහක බලාගෙන, තවත් කෙනෙක් අතින් මූණ වහගෙන. බලමුකො, තව දවස් කීපයයිනෙ.
ඔබ වහන්සේලාටවත් මේ ගඳ ගහන මජර ක්‍රමය වෙනස් කරන්න අවශ්‍ය නැත්නම් ඔබ බුදුන්ගේ අනුගාමිකයන් යැයි කියන්නෙ කෙලෙසද? උතුම් ධාතු කරඬුව හිස මත තැබීමට ඔබට ඇති අයිතිය කුමක්ද? පළපුරුදු අයගෙන් ගත් උපදෙස් සහ කෙරුවාවන් නිසා නොවේද රට මේ තත්ත්වයට පත්වුනේ? ඇයි මේ ටික නොවැහෙටන්නේ? සත්‍යට වඩා තාන්නමාන්න උතුම් නිසාද? ඒ බුදුමඟද?
රටේ සම්පත් විජාතිකයන්ට පවරන්න ශක්ති ලැබේවා, මහ බැංකුව තවත් සැරයක් කඩන්න ධෛර්යය ලැබේවා, මහජන මුදලින් රට සවාරි ගහන්න වාසනවා පෑදේවා කියලා ආශිර්වාදය කරන්න ඇති.
මේ මාගෙ ජනපති....මොහු ලෝක පූජිත වෙනවා...රත්නත්‍රයේ සරණින්.....මාගේ නමස්කාරය ඔබ තුමාට පුදකරමි රනිල් මහතාණනි ....ඔබට චිරං ජයතු.
පින් ජනපතියාගේ 47 වසරක දේශපාලන ජීවිතයේ කියපු කරපුවා මතක් වෙනකොට කියන්ඩ වචන මදි.
අපගේ පක්ෂයටත්, නායක සහෝදරයාටත්, පක්ෂපාතී ස්වාමීන් වහන්සේලා හැර මෙවැනි කටයුතුවලට සහභාගි වන හාමුදුරුවරු හොරුන්ට කඩේ යන්නෝ වෙති.
මොකද මැතිවරණ කොමසාරිස් නිහඬ? මේවා ඡන්ද ප්‍රචාර වැඩ නොවෙයිද?
ජීවන වියදම දැනෙන්නේ හම්බකරන් කන මිනිස්සුන්ට...
සාදුකාර දෙන්නම්, පෙරහැර කරන්නම් අපිටත් රජෙක් ඉන්නවා... 21 වැනිදා වෙනකන් විතරක්...
මෙයාට දේව පිහිට තියෙනවා නම් රටේ මිනිස්සුන්ට කාගෙවත් පිහිටක් නෑ
ලොකු ලොකු නායකකාරකාදී හාමුදුරුවන් වහන්සේලා මෙතන මොන ආශීර්වාද කළත් 21 දින රාත්‍රි 12 වෙන කොට රනිල්ට ගෙදරයන සඥාව ලැබෙනවා ස්ථිරයි...
පව් කරපු මිනිස්සුන්ට මැරෙන්න කිට්ටු වෙද්දී හීනෙන් කටු ඉඹුල පේන්න ගන්නවා. ඒ නිසා පිරිත් අහන්න මතක්වෙනවා. මේත් ඒකම තමයි. නමුත් වෙනස පිරිකරත් මහා භාන්ඩාගාරේ සල්ලී වලින්ම කරගත්තු එකයි. ආයේ එන්න නොලැබෙන නිසා එලියෙ තියෙන වතුර මල් ගාව එහෙම ඉදලා පොටෝ ටිකක් ගහගන්න. අර අමෙරිකාවේ ගියවෙලේ බූෂ් මහත්තයගේ කාඩ් බෝඩ් රෑපේ ලඟ ඉදන් ගත්ත වගේ. මල ගෙවල්වල මගුල්ගෙවල් වල ගියාම අර යාලුයි කියන විදේශ නායකයෝ හම්බ උනාම පෙන්නන්න පුලුවනිනේ.
ඔබ වහන්සේලාට දානය දෙන මේ රටේ අහිංසක මිනිස්සු වැටිලා වැටිලා ඉන්න අමාරුව ......පුදුමයි දරුවකුට කිරි පැකට් එකක් ගන්න විදියක් නෑ.... කන්න බොන්න බඩු ටික ගන්න විදියක් නෑ... රට ගොඩ ගත්තා කියන්නේ බඩු උපරිම වැඩි කරලා බඩු මිල වැඩි කරලා තියෙන එකද?
ත්‍රස්තවාදීන් පරාජය කිරීම නිහඬ බහුතරය විසින් කරනු ඇත.
කොහොමද සහොදරයන් ගේ ප්‍රතිචාර? ඉතින් මේ වගේ අනුන් ගේ මත, ආගමික නිදහසට ගරු නොකරන ත්‍රස්ථවාදී මනසක් සහිත විකෘති මනසක් සහිත පිරිසක් අතට බලය ගියොත් මොනවා වෙයිද? ප්‍රජාතන්ත්‍රවාදයට මොනවා වෙයිද? ආයෙත් මැතිවරන තියෙයිද? රනිල් ඇවිත් ඉතුරු කරලා ගිය ඩොලර් බිලියන පහ ඉවර වෙනකම් සැණකෙළි, පම්පෝරි සහ මධුසමය තියෙයි. ඊට පස්සේ තමයි ගිණිකෙළි පටන් ගන්නේ. ඒ නිසා ඔය සමාජවාදී නිර්නාමික නිඝන්ඨයින් කියන දේ අසා ජනතාව නොරැවටිය රටත්, ඔබේ අනාගතයත් ජනපති සමග එක්ව රැකගත යුතුයි. බණ්ඩා සමග ජනතාව...
ත්‍රයි නිකායික මහා නායක ස්වාමින්වහන්සේලා සියලුදෙනාගේම අවංක ආශිර්වාදය හිමිවුණේ අනුර කුමාර දිසානායක සහෝදරයාට පමණයි. බැංකු හොරාකාපු, රට ඉන්දියාවට විකුණපු අයට උදව් කරන අය සැබෑ බුද්ධ පුත්‍රයින් වෙන්න බැහැ. සල්ලි මිටියකට, ගැහැණියකට, කාර් එකකට කෙලහලන පිරිසක් පමණයි.
සාධු, රනිල් සීයා ඔයාලාට කීයක් දුන්නාද?
ඈ බණ්ඩො මෙයාගේ මාමා ගැටඹේ පන්සලට කටුකම්බි ගහනකොට ඔයා පයින්ම කොළඹ එනවැයි...?
සැබෑ බුද්ධ පුත්‍රයන් වඩින්නේ බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානයක් දෙන නායකයන් ළඟට විතරයි. නිරාගමික, එන්.ජී.ඕ. නඩවලින් කෝටි ගණනින් අරමුදල් ගන්නා විදේශ බලවේගවලට අවනත බුද්ධාගම මේ මිහිතලෙන් අතුගාලා දාන්න සැලසුම් කරන ත්‍රස්තවාදී අදහස් තියෙන අය ළඟට සැබෑ බුද්ධ පුත්‍රයන් වඩින්නේ නෑ.
මජර ගණයලාට තවත් ලැජ්ජා නෑ. තොපිට දානේ දෙන අපිට ගහන්න ඕනේ
මේ රස්සේ රටේ ගෙදර දැන් දෙන්නාත් ටයි කෝට් දාගන්න මේවා දැකලා ....