
(පාලිත ආරියවංශ)
මැලේසියාවේ මහා කරුණා බෞද්ධ සංවිධානයේ අනුග්‍රහයෙන් භික්ෂුන් වහන්සේලා දහසක් නමක් විෂයෙහි දන් පිරිනැමීමේ පින්කමක් බණ්ඩාරවෙල මහා නගර සභා ක්‍රීඩාංගන පරිශ්‍රයේදී සිදුවිය .
සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සහ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ මෙහෙයවීමෙන් මෙම දානමය පින්කම සංවිධානය කර තිබිණ .
මැලේසියාවේ ප්‍රධාන සංඝ නායක මහා කරුණා බෞද්ධ සංවිධානයේ නිර්මාතෘය බූටාවත්තේ ශ්‍රී සරණංකර හිමි,අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ථෙතිහාසික මහියංගන රාජ මහා විහරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමි ,සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ශාසනාරක්ෂක බල මණ්ඩලය වල සභාපති , ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලා ඇතුළු තෛනිකායික මහා සංඝයාවහන්සේ වැඩම මෙම පින්කමට වැඩම කළහ .
මහා සංඝයා වහන්සේ බණ්ඩාරවෙල නගරය මැදින් මහ පෙරහැරකින් ක්‍රීඩාංගන පරිශ්‍රය වෙත වැඩම කරවීමෙන් පසු සපිරිකර දක්ෂීනාව පැවැත්විණ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දහසක් නොව දසදහසකට දානය පිරිනැමීම වැදගත්. එහෙත් බඩගින්න ඉවසා ගත නොහැකිව සිටින ජනතාව වෙනුවෙන් සෑම පූජනීය ස්ථානයකම දන් සැලක් ඇරෙනවා නම් එය මහගු පුණ්‍ය කර්මයක් වේවි
මහා කරුණා පදනම වසරකට කෝටි ගණනක් වියදම් කරලා ලංකාවේ දුප්පතුන්ට සහ සිසුන්ට උපකාර කරනවා. මේ පුවත විතරක් බලලා ඒ සමාජ සත්කාර ආයතනය ගැන නෙගටිව් නිගමනවලට එන්න එපා. බුදුසරණයි!