
( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
දිට්වා සුළි කුණාටුවෙන් පසු පුත්තලම බලපෑ මහ වැසි හේතුවෙන් පුත්තලම නගරයේ රාජ්‍ය ආයතන,පාසැල්,ප්‍රධාන රෝහල ගම්මාන සියල්ලම ජලයෙන් යටවි ගිය බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් වයි.එම්.ඉන්දික සිල්වා මහතා අද( 13) පැවසිය.
අද උදෑසන සිට පවතින මහ වැසි හේතුවේන් පුත්තලම නගරය ප්‍රධාන මාර්ග වල ප්‍රධාන හා අතුරු මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ල වි තිබුණි.
දිට්වා සුළි කුණාටුවට පසු ඇද හැළුන මහ වැස්ස පුත්තලම,ආණමඩුව, මහකුඹුක්කඩවල,මුන්දලම,වනාතවිල්ලුව,පල්ලම, ඇතුළු ප්‍රදේශ වලට මෙලෙස ජන ජීවිතයට දැඩි බාධා එල්ල කර තිබුණි.
ඒසේම මෙම මහ වැස්ස හේතුවෙන් පුත්තලම ප්‍රධාන රෝහල් භුමිය ජලයෙන් යටවිමත් සමග යුද හමුදාව හා රෝහල් කාර්ය මංඩලය එක්වි වාට්ටු ඒකක වල පිරි තිබු ජලය මහත් පරිශ්‍රමයක් දරා ඉවත් කිරීමට කටයුතු කර තිබුනී.
ඒ සමගම දරුවන් පාසැල් පැමිණිමේන් පසු ඇදැ හැ ලුන මහ වැසි හේතුවේන් දරුවන් හා ගුරුවරුන් දැඩි අපහසුතාවයට ලක්වි තිබුණි. ඒ සමගම මෙම මහ වැසි හේතුවෙන් පුත්තලම නගරයේ සියලුම පාසැල් මෙලෙස අඩි කිපයක් ජලයෙන් යටවි තිබුනී.ඒ හේතුවෙන් දරුවන් රැගෙන යාමට මව්පියන් පැමිණේන ලෙස වට්සැප් ගෘප් හා දුරකථන හරහා ගුරුවරුන් මව්පියන් දැනුවත් කර තිබුණි.
ඒයට අමතරව නගරයේ පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය,කාලගුණ විද්‍යා පුත්තලම කාර්යාලය,පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පුත්තලම මුලස්ථාන පොලිසිය ඇතුළු ස්ථාන මෙලෙස ජලයෙන් යටවි තිබුණි.
එයට අමතර නගරයේ ගම්මාන ජලයෙන් යටවිමත් සමග ජනතාවද මහත් පිඩාවට පත්ව සිටි බව දිස්ත්‍රික් ලේකම් වරයා පවසන්නට විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd