
ඉහල කොත්මලේ ජලාශය
(ඡායාරූප: රංජිත් රාජපක්ෂ)
(මලීෂා ගුණවර්ධන සහ මනීෂා හංසමාලි)
පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක පවුල් 15,670කට පුද්ගලයන් 55,416ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.
මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 2110 කට අයත් පුද්ගලයන් 8011 දෙනකු පීඩාවට පත්ව ඇති අතර, මන්නාරම නගරය ආශ්‍රීත පිරිසක් වැඩි වශයෙන් පීඩාවට පත්ව සිටින බවද දිස්ත්‍රික් ආපදා කළමනකාරණ මධ්‍යස්ථානය සඳහන් කළහ.
මන්නාරම දිස්ත්‍රික්කයේ තාවකාලික සහන කඳවුරු 12ක පවුල් 306 කට අයත් පුද්ගලයින් 1058 දෙනෙකු රැදී සිටින බවත්, ඔවුනට අවශ්‍ය පහසුකම් සපයාදීම සිදුකරන බවත් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීහු පැවසූහ.
මන්නාරම දිස්ත්‍රික්කයට අනතුරුව උතුරු පළාතේ වැඩි ම පිරිසක් යාපනය දිස්ත්‍රික්කයේ පීඩාවට පත්ව සිටින අතර, යාපනය දිස්ත්‍රික්කය තුළ පවුල් 1904කට අයත් පුද්ගලයන් 7025 දෙනකු පීඩාවට පත්ව ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
යාපනය දිස්ත්‍රික්කයේ තුළ පවුල් 1904කට අයත් පුද්ගලයන් 7025 දෙනකු ද පුත්තලම දිස්ත්‍රික්කයෙ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ හතරක පවුල් 1159 ක පුද්ගලයන් 4178 ක් බරපතල පිඩාවට පත්ව ඇත.
ගෙවී ගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ අම්පාර ප්‍රදේශයටය.අම්පාර නගරයට මිමි. 311.0 ක, ගොනාගොල්ල මිමි. 282.0 ක, නාමල්ඔය මිමි. 236.2 ක, අම්බලන්ඔය මිමි. 233.6 ක් පන්නල්ගම මිමි. 256.7 ක, එක්ගල්ඔය මිමි. 198.0 ක, පල්ලන්ඔය මිමි. 136.0 ක, ඉගිණියාගල මිමි. 120. ක, සම්මන්තුරේ මිමි. 232.0 ක, ටැම්පිටිය මිමි මිමි. 92.0 ක, රඹුක්කන්ඔය මිමි 112.7 ක, දීඝවාපී මිමි. 224 ක, වැනි වාර්තාගත ඉහළ වර්ෂාපතනයක් ප්‍රදේශයට ලැබී ඇති අතර, ඉගිණියාගල සේනානායක සමුද්‍ර ජලාශයට පමණක් 25 වන දින රාත්‍රී අක්කර අඩි 34,800 ක ජලධාරිතාවක් ලැබී ඇත.
අද (නොවැම්බර් 26) පෙරවරු 6.00න් අවසන් වූ ගත වූ පැය 22ක කාලය තුළදී වැඩි ම වර්ෂාපතන අම්පාර ලාහුගල ප්‍රදේශයෙන් වාර්තා වන අතර එය මිලිමීටර් 210.5ක් වේ. මීට අමතරව දමන ප්‍රදේශයට මිලිමීටර් 197.5ක්, මහඔය මිලිමීටර් 196.5, පොලොන්නරුව මිලිමීටර් 148.8ක්, මහනුවර - කටුගස්තොට මිලිමීටර් 133.1ක්, මඩකලපුව දිස්ත්‍රික්කයේ අයිත්මලේ ප්‍රදේශයට මිලිමීටර් 114.5ක් ලෙස වර්ෂාපතනයන් ලැබී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
මොණරාගල හා අම්පාර දිස්ත්‍රික්කව ඇතැම් ප්‍රදේශවලට ඉදිරි පැය 48 තුළදී ගංවතුර අවදානමක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
මහවැලි ගඟ ද්‍රෝණියේ දිඹුලාගල, එච්චලම්පට්ටෙයි, හිඟුරක්ගොඩ, කන්තලේ, කින්නියා, කෝරලෙයිපත්තු උතුර, ලංකාපුර, මැදිරිගිරිය, මුතූර්, සේරුවිල, තමන්කඩුව, කම්පලක්කමම් හා වැලිකන්ද ලේකම් කොට්ඨාසවලට අයත් මහවැලි ගඟ ආශ්‍රිතව සහ ඒ අවට පහත් බිම් ප්‍රදේශවල වෙසෙන ජනතාවට ඉදිරි පැය 48 ක කාලය තුළදී වැඩි අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී සිටියි.
අනුරාධපුරය රාජාංගනය ජලාශයේ වාන් දොරටු 08ක්, කුරුණෑගල දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 02ක්, වව්නියාව පේරාරු වාන් දොරටු 02ක්, නුවර පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 06ක් සහ බදුල්ල උල්හිටිය රත්කිද ජලාශයේ වාන් දොරටු 06ක් විවෘත කර ඇති තබ්බෝවේ වාන් දොරටු හයක් විවෘත කළ බව වාරි ඉංජිනේරුවෝ පවසති.
රත්කිඳ ජලාශය වාන්දමයි
(ප්‍රසාද් රුක්මල්)

හඟුරන්කෙත
ඒ.ජේ.කරඳගොල්ල

මුතුකණ්ඩාය ජලාශය
(කේෂර ගුණතිලක)

අඹතැන්න - පූජාපිටිය මාර්ගයේ වෙලේකඩේ හන්දිය
(ධම්මික ගුණවර්ධන)

තබ්බෝව සැඩ වී
(අරුණ ඉන්දික කුමාර)

මුතුකණ්ඩිය ජලාශය
(ඡායාරූප: කේෂර ගුණතිලක)
අම්පාර ස්ථාන ගණනාවක් ජලයෙන් යටවෙයි
(ඡායාරූප: වසන්ත චන්ද්‍රපාල)


රත්කිද ජලාශය
(ඡායාරූප: නිශාන්ත කුමාර)

දැදුරුඔය ජලාශය
(ඡායාරූප: රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

2025 දෙසැම්බර් මස 18
634
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1104
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහ වැස්සෙන් ගම් නියම් ගම් යටවේ
ටී ඇම් ජයරත්න Tuesday, 26 November 2024 04:09 PM
කාලගුණය යහපත් වේවා... පීඩාවට පත් ජනතාවට තෙරුවන් සරණයි...!