IMG-LOGO

’’මහ මොළකරු’’හෙළි කිරීමේ වගකීම උසාවියට බාර දෙයි

(අංජුල මහික වීරරත්න)

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවසීය.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු අප්‍රේල් 21 දාට පෙර හෙළි කරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් කළ විමසුමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව කීය.

" පරීක්ෂණ නිසි පරිදි සිදුවෙනවා.ඒකට දින වකවානු හරියට කියන්න බෑ. අපි වැඩ කරන්නේ ජනවරම අනුව.මේ කුමන්ත්‍රණයට නියමයෙන් හෝ අනියමින් සම්බන්ධ අයගේ කලබලයට ආණ්ඩුව කලබල වෙන්නේ නෑ.ගම්මන්පිල  පන්නයේ කලබල වීම් ඉදිරියට තව ඕන තරම් වේවි. නමුත් ඒ කලබල වීම් ආණ්ඩුව ගණන් ගන්නේ නෑ.විමර්ශන හරියට වෙනවා.

පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන කටයුත්ත අතිශය සංකීර්ණ වැඩක්.ඊට අදාල තොරතුරු මේ වන විට හෙළිදරව් වෙමින් පවතිනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.



අදහස් (11)

’’මහ මොළකරු’’හෙළි කිරීමේ වගකීම උසාවියට බාර දෙයි

Perera Tuesday, 22 April 2025 01:46 PM

උසාවියේ මහ මොලකරු කවුද කියලා තීරණය කරන්න නඩු පවරලා සැකකරුවන් උසාවියට ඉස්සෙල්ලා ඉදිරිපත් කරන්න ඕනෑ නේ ඇමැති තුමෝ... කවුද සැකකාරයෝ?

:       0       31

prasanna Tuesday, 22 April 2025 02:00 PM

මේකට සම්බන්ධ එකාම ලංකාවේ සංවිධාන ජේවිපි

:       21       41

යෝගා Tuesday, 22 April 2025 02:47 PM

අපෝ එහෙම කරන්න එපා. අර යකා උසාවි තීන්දුවත් පිලිනොගත්තොත් උසාවියට අපහාස කරලා හිරේට ගිය ලෝකයේ ප්‍රථම අහවලා වෙනවා.

:       1       25

මහසෙන් Tuesday, 22 April 2025 02:52 PM

ලොක්කා එකක්. ප්‍රකාශක තව එකක්. ඇමති වෙන එකක්. ගෝලයෝ ටික් වෙනස්ම එකක්. සන්තෝසයි ගොඩක්.

:       3       30

Neel Tuesday, 22 April 2025 03:42 PM

සමහර විට පොහොට්ටුව වෙන්නත් ඉඩ ඇත.

:       19       6

Nelum Tuesday, 22 April 2025 08:02 PM

පොහොට්ටුවෙ අය නෙවෙයි ජේවීපී සාමාජිකයෙක් වන ඉබ්‍රාහිම් වගේ නමක් තියෙන එක්කෙනාගේ පුතාලා තමයි සහරාන් එක්ක එකතු වෙලා බෝම්බ පුරවාගෙන මැරුනේ. මේ ආණ්ඩුව බටලන්දට අර ලංදට මේ ලන්දට ගිනිතියන්න හදන එක හේතුවක් ඔය සම්බන්ධය. අනුර සහෝදරයා ඇතුළු පිරිස නොදන්නවා වෙන්න පුළුවන් නමුත් ඔවුන්ගේ අනුග්‍රහයෙන් ජාතික ලැයිස්තුවට ඇතුළත් වුණු ඉබ්‍රාහිම් ගැන ඔවුන් දැනගෙන ඉඳලා නෑ.

:       0       2

Kamal Tuesday, 22 April 2025 04:12 PM

බොරුවේ උපත.

:       2       32

ගුණරත්න Tuesday, 22 April 2025 07:57 PM

විපක්ෂයේ ඉන්නකොට දෙසාපු බණ ආණ්ඩු බලය ගත්තාම අමතක වෙන ලෙඩේ මාලිමාවුන්ටත් තියෙනවා. ඒ කාලේ කිව්වේ පැය24 එළිදරවු කරනවා. ආදී වශයෙන්. එත් එහෙම එළිදරවු කරන්න තරම් දෙයක් තිබෙනවා නම් ඕක ගැන එළිදරවු කරන්නේ ඇමෙරිකාන් උසාවිය, එත් ඔවුනුත් මේක අයිඑස් පිස්සන්ගේ වැඩක් කියල කිව්වා. නමුත් දේශපාලන වාසි තකා අපේ දේශපාලකයෝ සැබෑ ත්‍රස්තවාදීනට වැරැද්ද පවරනවා වෙනුවට විරුද්ධවාදීන්ට එරෙහිව කටයුතු කරන්න ආයුධයක් කරගෙන. එත් ප්‍රමාණවත් සාක්‍ෂි නැති නිසා පරණ නීති(ඔවුන්ම විරුද්ධ වුනු) පාවිච්චි කරලා පරීක්‍ෂණ පැවැත්වීම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පවරනවා. අපි ඒ තරම් බූරුවෝ නෙවෙයි මේ දෙය තේරුම් නොගන්න, නමුත් වහල්ලුත් බූරුවොත් ඇති සත්‍යය තේරුම් නොගන්න,

:       0       4

chandima Tuesday, 22 April 2025 10:11 PM

ගම්මන්පිල ගියේ එයාගේ උවමානාවට නෙමේ . රනිල්ගේ පනිවුඩයක් අරන්. දක්කෙත් නෑ දන්නෙත් නෑ වගේ කට පියාගෙන හිටු කියන්න.

:       2       0

Malith Wednesday, 23 April 2025 12:08 AM

ඔක්කොම කතා ව්ලෙආ එකක් කියහල්ලකෝ

:       0       3

Wanidu Wednesday, 23 April 2025 05:46 AM

කලින් කිව්වේ වෙන කතාවක් .ලැජ්ජාවක් නැද්ද

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 574 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 333 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 496 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site