
(රෝෂන් තුෂාර)
මහා භාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 මුදලක් හැකරුන් විසින් වංචා කළ මොහොතක මෙරටට පැමිණ අන්තර්ජාල මුදල් වංචාවේ නිරත වී යැයි රක්ෂිත බන්ධනාගාරගත විදෙස් ජාතිකයන් 120 පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා ඉදිරියේ කරුණු දක්වමින් වැලිකඩ පොලිසිය කියා සිටියේය.
වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ දැඩි ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරමින් රටවල් පහකට අධික විදේශකයන් සේවයේ යොදවා අන්තර්ජාල වංචාවේ නිරත පුද්ගලයන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කළ යුතු බවය,
එම පුද්ගලයන් ලංකාවේ මෑතකදී සිදු වූ මහා භාණ්ඩාගාර මූල්‍ය වංචා සිද්ධියට සම්බන්ධ දැයි සැකයක් ද මතුවන බැවින් විමර්ශන අවසන් වන තෙත් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද ඉල්ලා සිටියේය.
රාජගිරිය, මැද වැලිකඩ පාරේ පිහිටි සත් මහල් නිවාස සංකීර්ණයක දැඩි රැකවල් මැද්දේ අන්තර්ජාල මුදල් වංචාවේ නිරත වී සිටියදී රුපියල් කෝටි 15කට ආසන්න වටිනාකමින් යුත් මුදල් හා පරිගණකය ඇතුළු භාණ්ඩ තොගයක් සමග පසුගිය 2 දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කළ විදේශීය ජාතික සැකකරුවන් 120 දෙනාට එරෙහි පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී එම කරුණු ඉදිරිපත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd