(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සිය වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීම අහෝසි කිරීමේ අරමුණින් මහ බැංකු පනත සංශෝධනය කෙරෙන පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් මේ සතියේදී පාර්ලිමේන්තු මහ ලේකම්වරියට බාර දෙන බව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.
එම පනත් කෙටුම්පත සිංහල ඉංග්‍රීසි සහ දෙමළ මාධ්‍යයෙන් සකස් කර අවසන්ව ඇති බවද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සිය වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීම බල රහිත කිරීමටත් ශ්‍රී ලංකා මහ බැංකුව අනාගතයේදී වැටුප් වැඩි කිරීම් මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියට යටත් කිරීමටත් මෙම නව පනතෙන් ක්‍රියා කෙරෙන බව ගම්මන්පිල මහතා කීය.
පඩි වැඩි කර ගැනීම සම්බන්ධයෙන් මහ බැංකු නිලධාරීන්ට උඩ පැන පැන බැන්න සියලු මන්ත්‍රීවරුන්ගේ සහාය මෙම පනත් කෙටුම්පත සම්මත කිරීමේදී බලාපොරොත්තු වන බව පැවසූ මන්ත්‍රීවරයා තමන්ගේ කතාව ක්‍රියාවෙන් ඔප්පු කරාවි යැයි බලාපොරොත්තු වෙන බවද සඳහන් කළේය. උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසුවේ කොළඹදී අද(11) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහා බැංකු වැටුප් අහෝසි කරන්න ගම්මන්පිලගෙන් පනතක්
Perera Tuesday, 12 March 2024 04:54 AM
පාර්ලිමේන්තුවේ ඉන්න අයගේ ලොකු වැටුප්, දීමනා අඩු කරන්න කියන්න අදහසක් නැහැනේ මෙයාට...
Bamunuarachchi Tuesday, 12 March 2024 10:05 PM
නියමයි! ඉදිරිපත් කරන්න බලමු මොකද වෙන්නේ කියලා.