(ෂේන් සෙනෙවිරත්න සහ ඩයනා උදයංගනී)

උතුරු නැගෙනහිර පළාත් වල මෙන්ම දිවයිනේ සෙසු පළාත්වල ද පිහිටා ඇති සුවිශේෂී ඓතිහාසික වැදගත්කමකින් යුත් බෞද්ධ සිද්ධස්ථානවල සුරක්ෂාව හා සංවර්ධනය උදෙසා අනුයුක්ත කර ඇති ආරක්ෂක හමුදා නිලධාරීන් අවශ්‍යතාවයන්ට අනුරූප පරිදි එකී සිද්ධස්ථාන ආශ්‍රයෙහි යෙදවීම යෝග්‍ය බව දන්වමින් ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කොට තිබේ.

එසේම උතුරු හා නැගෙනහිර පළාත්වල විහාරස්ථාන ආශ්‍රිතව පවතින හමුදා කඳවුරු එම ප්‍රදේශයන්හි සුරක්ෂාව උදෙසා එලෙසම පවත්වාගෙන යන ලෙසත් එම ලිපියේ සඳහන් වෙයි

සම්පූර්ණ ලිපිය මෙසේයි.