
(හේමන්ත රණසූරිය)
පදවිය මුල්මුඩේ ප්‍රදේශයේ ගොවි මහතකු තම පුතුගේ විවාහ මංගල උත්සවය මහා වනාන්තරයක් මැද ඊයේ (21) පවත්වා ඇත.
පදවිය – පුල්මුඩේ මාර්ගයේ ඌරුව ප්‍රදේශයේ සිට කිලෝමීටර් දෙකක් පමණ වන මැද පිහිටි කොහොඹපිටිය වැව පාමුල මනස්කාන්ත පරිසරයක සැකසූ පෝරුව, මනාල යුවළ වාඩිවන පුටුව ද වනාන්තරයෙන් සොයාගත් අමුද්‍රව්‍යවලින් අලංකාරව සකසා තිබිණි.
මනාල යුවළ වූයේ ශ්‍රීපුර පදිංචි නදුන් චතුරංග සහ කොලොංගොල්ලේ රජුනිකා දසාංජලී ය.
මෙම මංගල උත්සවයේදී කන පැලෙන සංගීතයක් නොතිබිණි. ඩොල්කිය, තබ්ලාව සහ සර්පිනාව උපයෝගී කර ගනිමින් මිහිරි වූ සංගීත රාවයක් වනය සිසාරා ගලා ගියේය.
වනාන්තරයට පණ මෙන් ඇල්මක් දක්වන ගොවිතැනින් ජීවත් වන මනාලයාගේ පියා වන සමන්ත ප්‍රේමලාල් තම පුතුගේ මංගල උත්සවය මේ ආකාරයෙන් මහ වන මැද පැවැත්වීමට කටයුතු කළේය.
මේ සම්බන්ධයෙන් ඔහු කියා සිටියේ සොබාදහම අපට දී තිබෙන දායාදවලට පයින් ගසා සරුව පිත්තල ලෝකවල ජීවත්වන මිනිසුන්ට ආදර්ශයක් ලෙස මෙම උත්සවය සංවිධානය කළ බවය.
වනාන්තරයට කිසිදු හානියක් නොවන ආකාරයට මෙය සංවිධාන කළ බව ද ඔහු කියා සිටියේය. මෙම මංගල උත්සවයට දෙපාර්ශ්වයේම ඥාතීහු 300ක් පමණ දෙනා සහභාගි වූහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනෙක් අයත් උනන්දු කල යුතු වටිනා ක්‍රියාවක්.
දෙන්නා හෙලුවෙන් හිටියා නම් තීම් එකට හරියටම ගැලපෙනවා... බැරිම නම් කොල අතු ටිකක් අඳින්න තිබුනා...
එම දරුවො දෙන්නාටත් එහෙම කටයුතු කල දෙමාපියන් ඇතුළු සැමටත් ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී සම්පත්තියත් දීර්ඝායුසත් සකල සෞභාග්‍යයත් උදාවේවා .තිසරණ සරණින් යහපතක්ම වේවා සාදු සාදු සාදූ
නියමයිනේ
මෙවන් දෙයක් දැකීම සතුටුයි ! ඔබ දෙපලට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය නිති ලැබේවා !
අගය කල යුතු දෙයක් ...
නියම විවාහ මංගල්‍ය . ඔයාට සියල්ල සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා
හැමෝටම බැරි උනත් ආදර්ශයට ගතයුතු බුද්ධිමත් කාලෝචිත කටයුත්තක්. නව යුවලට සුබ මංගලම්…!
ඒක නම් හැබෑවටම අගෙයි . පුදුම ලස්සනයි
ඉතාම අර්ථවත් සිදුවීමක්. ලස්සනයි, අගෙයි . සුභමන්ගලම්.
සුන්දර සහ හරවත් සිදුවීමක්. මේ පුවතට ලංකාදීපයට ස්තුතියි !
නීති විරෝධී දෙයක්
සොබා දහමට ඇලුම් කිරීම ඉතාමත් ඉහලින් අගය කරමි .නව යුවළටත් සුභාසිරි පතමි
හොද වැඩක්. දැන් ඉතිං නාගරික පරිසර වල ඉන්න අයත් මේක කරන්න පෙළඹේවි. හැබැයි මේ වගේ පරිසර හිතකාමි ලෙස නොවෙයි. වනාන්තර ටිකත් විනාශ කරලා තමයි නවතින්නේ.
වනාන්තරයට කළ හැකි හොඳම දෙය මෙවැනි විකාර නොකර තිබූ පරිදි තිබෙන්නට හැරීමයි
මෙය නව ප්‍රවනතාවක් වනු ඇත, එය ලස්සනයි. වැඩි සංචාරකයින් ආකර්ෂණය කර ගත හැකිය. මෙම ආකාරයේ කාර්යයන් සඳහා.
සැබවින්ම පරිසරයට ආදරය කරන ගොවි මහතෙක්. සරුව පිත්තල ඇන්ජීඕ පරිසර ප්‍රේමින්ට ආදර්ශයක්.
කැලේට ආදරේ නම් කැලේ මගුල් නොකා වෙන තැනක් හොයා ගත යුතු යි. කැලේට නිදහසේ වැඩෙන්න ඇරලා.
අලි රංචුවක් ආවා නම් බලන්න තිබ්බා වෙඩිම...