(බිඟුන් මේනක ගමගේ)
මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ක්‍රියාත්මක කිරීමට නීති සංශෝධන කළ යුතු යැයි මුස්ලිම් පුද්ගලික නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාකාරී කණ්ඩායමේ (MPLRAG) සාමාජිකා නීතිඥ අර්මීසා ටීගල් මෙනෙවිය කොළඹ පැවැති සම්මන්ත්‍රණයකදී අද(6) පැවැසීය.
දැනට මෙරට ක්‍රියාත්මක මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ කාන්තාවන්ට වෙනස් ලෙස සලකන විධිවිධාන අන්තර්ගතව ඇතැයි ද කාදි උසාවිවල විනිශ්චයකාර, විවාහ රෙජිස්ට්‍රාර්, ජූරි සභික යන තනතුරු හා කාදි මණ්ඩලයේ තනතුරු දැරීම පුරුෂයන්ට පමණක් සීමා කිරීම ඊට හොඳම නිදසුනක් යැයි නීතිඥ ටීගල් මෙනෙවිය කීවාය.
කොළඹ 08, කින්සි ටෙරස්හි පිහිටි ජනවාර්ගික අධ්‍යයනය සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේදී මෙම සම්මන්ත්‍රණය පැවැත්විණි.
මුස්ලිම් දැරියන්ට හා කාන්තාවන්ට සමාජයෙන් මෙන්ම රාජ්‍යයෙන් ද සහනයක් නැති වීම හේතුවෙන් ඔවුන් තෙවැනි ගනයේ පුරවැසියන්ගේ තත්ත්වයට වැටී ඇතැයි කී ඇය ප්‍රධාන ප්රවාහයේ සිටින දේශපාලන නායකයන් මුස්ලිම් කාන්තාවන්ගේ හඬට සවන් නොදෙන්නේ තම ඡන්ද පදනම් රැක ගැනීමට යැයි චෝදනා කළාය.
මුස්ලිම් කාන්තාව බලගැන්වීම සිය පක්ෂ බල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ප්‍රශ්නයක් වනු ඇතැයි ප්‍රධාන පක්ෂ කල්පනා කරන්නේ යැයි ද ටීගල් මෙනෙවිය පැවසුවාය.
මුස්ලිම් විවාහ දික්කසාද නීතිය සඳහා දැනට ඇති පෙළඹවීම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව හදිසියේ හටගත්තක් යැයි ද එහි ප්‍රතිසංස්කරණ ප්‍රවේශය අත්තනෝමතික හා වැරැදි මතවාද මත පදනම්ව ඇතැයි ද නීතිඥ ටීගල් මෙනෙවිය වැඩිදුරටත් සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ ලොකු දෙයක්... ඒ ස්ත්‍රීන්ටත් අපහසුවෙන් වහල්ලු වගේ ඉන්නැතුව ඉන්න පුලුවන් මේක කලොත්...
බහුතර ජනතාව ඉල්ලන්නේ එක රටක්, එක නීතියක්. නොවෙම්බර් 16 න් පස්සේ දිනන අපේක්ෂකයාට ජන මතයට කන් දෙන්න වෙනවා.
සහතික ඇත්ත සිංහල කාන්තාවන්ට සිංහල පුරුෂයන් ට සමාන අයිතිවාසිකම් තිබෙනවා නම් මුස්ලිම් කාන්තාවන්ට වෙනසක් කරන්නේ මොකද ? මුස්ලිම් පුරුෂයන්ට කාන්තාවන් කිහිප දෙනෙක් සමග විවාහ වෙන්න නීතියෙන් අවසර තිබෙනවානම් මුස්ලිම් කාන්තාවන්ටත් පුරුෂයන් කිහිප දෙනෙකු සමග විවාහ වෙන්න අවසර දෙන්න. මෙම ප්‍රශ්න වලට හොඳම විසදුම මුස්ලිම් , සිංහල , ක්‍රිස්තියානි කියල පුද්ගලයන්ට වැඩි හෝ අඩු සැලකිලි නොකර නිතිය ඉදිරියේ ඔවුන් සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් ලෙස සමානව සලකල ඔවුන්ව එක නීතියක් යටතට ගෙන එන එක.
මේවා තාම විහිලු. ඉස්ලාමයේ උපත වෙච්ච වර්තමාන ආරක්ෂකයා වූ සවුදියේත් කාන්තාවෝ දැන් ඉස්සරහට ඇවිත් මේ වගේ නීති වෙනස් කරලා තියෙන්නේ. එකට අපේ රටේ.
ඔබලාව ගල් යුගේ හිර කරන්න හදන ආධිපත්‍යට එරෙහිව නැගිටින්න ගන්න උත්සාහය අපි ඉහලින් අගයනවා සොයුරිය.
මුස්ලිම් දැරියන්ට හා කාන්තාවන්ට සමාජයෙන් මෙන්ම රාජ්‍යයෙන් ද සහනයක් නැත යන්නෙන් ඔබ තුමිය අදහස් කරන්නේ කුමක්ද? ඔවුනට වැඩි වැඩියෙන් දික්කසාද වීමට අවස්තාව ලබා දිය යුතුයි යන්නද? දික්කසාද අඩුවෙන්ම සිදුවන ජනසමාජය නම් මුස්ලිම් ප්‍රජාව වේ. මුස්ලිම් දික්කසාද රෙගුලාසි අනුව අදාළ පාර්ශවය හැකි තරම් ඔවුන්ව නැවත එක් කිරිමට පොළොඹවන ක්‍රමවේදයක් අනුගමනය කිරීම වැරදිද?
සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව මැදිහත් වුණේ නැත්නම්, මේ ගැටලුව පහසුවෙන් විසඳා ගන්න හැකියාව තියනවා.