IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මිසයිල අත්හදා බලන්න දියණියත් එක්ක ඇවිල්ලා

උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, සිය දියණිය ලොවට හඳුන්වා දුන්නේය. ඒ, මිසයිල අත්හදා බැලීමේ නිරීක්ෂණයකට ඔහු දියණිය රැගෙන ආ අවස්ථාවේදීය.

38 හැවිරිදි උතුරු කොරියානු නායක කිම් ජොන් උන් දියණිය කිම් චූ ඒගේ අතින් අල්ලා ගනිමින්, මිසයිල අත්හදා බැලීමට පැමිණි අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය ප්‍රසිද්ධියට පත් කළේ ඊයේ (19) ය.

මිසයිල අත්හදා බැලීමට කිම් ජොන් උන්ගේ බිරිඳ රී සොල් ජූ ද එක්වී සිටීම ද විශේෂත්වයකි.

නායක කිම් ජොන් උන් සහ ඔහුගේ පවුල් ජීවිතය ලෝකයාට රහසකි. ඔහුට දරුවන් කී දෙනකු සිටිනවාදැයි ලෝකයා දන්නේ නැත.

උතුරු කොරියාව ලොවෙන් හුදෙකලා වී සිටින රාජ්‍යයකි. ඒ, උතුරු කොරියාවේ හිතුවක්කාර න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් එරටට පනවා ඇති සම්බාධක නිසාය.

මාධ්‍ය වාර්තා අනුව, කිම් ජොන් උන්ට දියණියන් දෙදෙනකු සහ පුතකු සිටී. දියණිය කිම් චූ ඒගේ වයස අවුරුදු 12 ක් හෝ 13 ක් වන්නට බටහිර මාධ්‍ය අනුමාන කර ඇත.

(බීබීසී)



අදහස් (2)

මිසයිල අත්හදා බලන්න දියණියත් එක්ක ඇවිල්ලා

සෙනෙහසක උල්පත Sunday, 20 November 2022 04:42 PM

පීතෘ-දුහිතෘ සදාතනික ඇල්මේ, බැල්මේ, සෙනහසේ, ආදරයේ, අකලංක දිගහැරුම... අපේ නායකයෝ නං පේන දුර මෙි ටික යන්නත් විදේශ විනිමය නාස්ති කරයි. ජනතා න්‍යාය පත්‍ර දෙඋර මත තබා ගත් සොදුරු පරමාදර්ශී නායකයෝ....

:       5       5

Sam Gamage Monday, 21 November 2022 02:05 AM

මොකද්ද දන්නේ නැහැ ජනතා න්‍යාය පත්‍රය.මේ වගේ පාහර මිනීමරු පිස්සන් අගයන අමනයෝ ඉන්නේ මේ රටේ විතරයි .ලෝක්වක් නසන්නට මෙවන් විනාශකාරී දේ හදන මන්ද බුද්ධිකයන් විනාශ වේවා

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 127 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site