IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මසකට සහල් මෙට්‍රික් ටොන් දස දහසක් වෙළෙඳ පොළට

(අංජුල මහික වීරරත්න)

වී අලෙවි මණ්ඩලය සතු ව ඇති වී තොග වලින් මසකට සහල් මෙට්‍රික් ටොන් දස දහසක් වෙළඳපලට නිකුත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයට අද (16) උපදෙස් දුන්නේය.

වී අලෙවි මණ්ඩලය විසින් පසුගිය සතියේ සහල් මෙට්‍රික් ටොන්  1500ක් වෙළඳපොළට සපයා ඇති අතර, දැනට වෙළඳපොළේ දක්නට ලැබෙන සහල් හිඟය සහ මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා මාසිකව සහල් මෙට්‍රික් ටොන් 10,000 බැගින් නිකුත් කිරීමට තීරණය වූ බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කරයි.

 එමෙන්ම  වී අලෙවි මණ්ඩලය සතුව පවතින සම්බා වී තොග උපයෝගී කර ගනිමින් ‘PMB Rice’ නමින් කිලෝග්‍රෑම් 05 සහ කිලෝග්‍රෑම් 10 ප්‍රමාණයෙන් සහල් මලු වෙළඳපොළට  නිකුත් කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

වී අලෙවි මණ්ඩලයේ සහල් නිකුත් කිරීම, මෙවර යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම ආදී කරුණු සම්බන්ධව අද (16) දින විශේෂ සාකච්ඡාවක් කොළඹ වී අලෙවි මණ්ඩල ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණු අතර එහිදී අමාත්‍යවරයා මෙි උපදෙස් දුන්නේය.



අදහස් (2)

මසකට සහල් මෙට්‍රික් ටොන් දස දහසක් වෙළෙඳ පොළට

Lalith M Friday, 17 June 2022 07:03 AM

මාසික අවශ්‍යතාවයෙන් සීයට දෙකයි. ඇතිද ඇමැතිතුමෝ...?

:       0       0

B.antony Friday, 17 June 2022 11:34 AM

PMB කියල සහල් බ්‍රෑන්ඩ් එකක් දැකල නෑ! හාල් kg. ක් කීයද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site