
(සුජිත් හේවාජුලිගේ )
රාජ්‍ය අංශයේ සේවකයකුගේ වැටුපේ සත්‍ය අගය (මූර්ත) සියයට තිස් හයකින්ද අවිධිමත් පෞද්ගලික අංශයේ සේවකයකුගේ වැටුපේ සත්‍ය අගය සියයට විස්සකින් පමණද 2020 - 2024 අතර කාලයේදීඅඩුවී ඇතැයි මහ බැංකු තොරතුරු වාර්තා අනුව පෙනී යන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතු කෝරළ මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.
වැටුප් වල සත්‍ය අගය මෙසේ පහත වැටීමෙන් ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව බරපතළ ලෙස දුර්වල වී ඇතැයිද ඔහු සඳහන් කළේය.
මේ අනුව සලකා බලන විට 2020 වර්ෂය වන විට රුපියල් පනස් දහසක පමණ වැටුපක් ලැබූ අයකුගේ එම වැටුපේ සත්‍ය අගය අද වනවිට රුපියල් තිස් දෙදාහක් දක්වා පහළ ගොස් ඇතැයි පවසන මහාචාර්යවරයා රුපියල් ලක්ෂයක පඩියක් ගත් අයකුගේ එම වැටුපේ සත්‍ය අගය රුපියල් 64000ක් බවද සඳහන් කළේය
එසේම රුපියල් දෙලක්ෂයක වැටුපක් ගත් අයකුගේ එම වැටුපේ සත්‍ය අගය රුපියල් එක් ලක්ෂ විසි අට දහසක් බවද අතුකෝරල මහතා පැවසීය
එසේම රුපියල් ලක්ෂයකට වැඩි වැටුපක් ගත් අයකුට බදු ගෙවීමටද සිදුවීමෙන් මිලදී ගැනීමේ හැකියාව තවත් අඩු වී ඇතැයි ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැජ්ජයි. මහජනයාගේ මුදල් වලින් යැපෙන ගමන් මේවා කියන්නේ උත්තරයක් නැතුව...