(යොහාන් භාසුර)
මෙරටට මෙම වසරේ මේ දක්වා කාලය තුළ විදේශ සංචාරකයන් ලක්‍ෂ 9 කට අධික සංඛ්‍යාවක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
මෙම මස 6 වැනිදා වන විට මෙම වසරේ මෙරටට පැමිණි සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 927,214 ක් බවත් මෙම මස පළමු දින හය තුළ පමණක් සංචාරකයන් 22,896 ක් පැමිණ ඇති බවත් එම අධිකාරිය කියයි.
අගෝස්තු මාසයේදී සංචාරකයන් 136,405 ක් පැමිණ ඇති බව කියන සංචාරක සංවර්ධන අධිකාරිය සැප්තැම්බර් මස මුල් දින 6 තුළ පැමිණි සංචාරකයින් 6,188 ක් ඉන්දීය ජාතිකයන් යැයි ද සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිබුණු ණය නොගෙවා කල්තබා සිටින ආණ්ඩුව පසුගිය මාස අටට කෝටි පන් ලක්ෂයක ණයකුත් අරගෙන තියෙනවා කියන්නේ... 2048 වනවිට ලංකාව අනාගත භාරතීය සාගරයේ පතුලටම කිඳාබැසීමක් වෙන්න පුළුවන් කියලා කාටවත් හිතන්නේ නැද්ද?
ඉන්දීය ජාතිකයින් බහුතරය වැඩබිම්වලට එන සේවකයෝ.. අපේ රටේ මිනිස්සුන්ට වැඩ බෑ කියලා ඉන්දියානුවෝ ගෙන්වනවා. බොහෝ ආයතන සහ හෝටල් ආපනශාලා වලට... මේක ඇත්ත. අපේ අය මොබයිල්වල කාලය කනවා මිස වැඩබිම්වල වැඩ කරන්නේ නෑ...
සතුටු විය හැකි කරුනක්. මම මෙතනදි දැක්ක කවුදෝ එක මනුස්සයෙක් කියනව වැඩිපුර එන්නෙ ඉන්ඩියානු සන්චාරකයො එගොල්ලො වෙඩිපුර වියදම් කරන්නෙ නැහැ කියල. සංචාරකයෙක් එක ඩොලරයක් වියදම් කලත් එතන ඩොල්ලර් ලක්ශ නවයක්.